නොමිලේම සිහින් සුන්දර රුවක් හිමිකර ගන්න ඇති පදමට හිරු කිරණින් නැහැවෙන්න

අපේ සමහර නෝනලා කලුවෙයි කියන බයට පාන්දර හයටත් එළියට අඩිය තියන්නේ සන්ස්ක්‍රීම් ගාගෙන, කුඩ ඉහළගෙන, එහෙම නැත්තම් තොප්පි දාගෙන ……….. එහෙම නේද ? සමහර විට හිරුටත් හිනායනවා ඇති මේ පොරෝනා වලින් වහගෙන තමන්ට බයවෙලා දුවන මේ ලස්සන නෝනලා දැක්කම. ඇත්තටම සුදු වෙන්න කරන වියදම දැක්කම මෙහෙම බයේ දුවන එක ගැන එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ.

එත් මේ කවුරුත්ම නොදන්නා දෙය තමා මේ බියවී දිවයන්නේ,සම සඟවාගෙන දඟලන්නේ තමන්ව ලස්සන කරවන විටමින් D අපට නොමිලේ ලබා දෙන හිරු කිරණට  බයේ කියන කරුණ. ඇත්තටම විටමින් D කියන්නේ අපේ ශරීරයට වැදගත් අත්‍යාවශ්‍ය විටමින් වර්ගයක්.

විටමින් D වලින් අපේ සිරුරට ලැබෙන වාසි

  • හිරුගෙන්   අපේ සමේ උපදින D විටමිනය මේදයේ එනම් තෙල්වල දියවෙන විටමිනයක්.එය රුව වර්ධනය කිරීම සඳහා ඉමහත් දායකත්වයක් දක්වනවා.
  • අපේ ශරීරයට අවශ්‍ය කැල්සියම් සහ පොස්පරස් උරාගැනීමට  සිරුරට D විටමින් අවශ්‍ය වනවා.
  • ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල නංවමින් රෝග රැසකින් අපව බේරා ගන්නත් විටමින් D  වලට හැකියි.අපට නිතරම උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වැළඳෙන්නේ ඕන කරන තරමට විටමින් D නොලැබෙන විටදීයි.
  • ඒ වගේම විටමින් D හෘද රෝග අවදානමද අඩු කරනවා.
  • ඔස්ටියෝපොරයිසිස්  විටමින් D ඌනතාවේ තවත් භයානක ප්‍රතිපලයක්.උකුළ,දෙපා,කැඩී එක්තැන් වීමට පමණක් නොවේ ජීවිතය අහිමිවීමට තරම් මේ රෝගය භයානකයි.

මේ අපි කතා කලේ හිරු කිරණින් අපට නොමිලේ ලබා ගත හැකි විටමින් D මගින් අපට ලැබෙන වාසි පිළිබදවයි. දැන් බලමු හිරු එලියෙන් අපට ලැබෙන තවත් වාසි ගැන. මේ දේවල් පිළිබදව ඔබ දැනුවත් වුනාම ඔබ සිතාවි ජීවිතය තරමට වටිනා හිරු කිරණ අපතේ යැවීම කොයි තරම් මෝඩ වැඩක්ද කියල.

හිරු කිරණින් අපට ලැබෙන දේවල්…...

  1. හිරු එළියෙදීත්,අන්ධකාරයේදීත් අපේ මොළයෙන් හෝර්මෝන නිකුත් වනවා.එයින් එක් වැදගත් හොර්මොනයක් වන්නේ සෙරොටනින්.මෙය මානසිකත්වය සුබවාදී කරන සන්සුන් කරන හෝමෝනයක් වනවා. උදෑසන හිරු එළියට නිරාවරණය නොවුණහොත් රාත්‍රියට සෙරොටනින් මට්ටම පහළ බසිනවා.එවිට අසුබවාදී සිතිවිලි ඇතිවීම වැඩියි.
  1. මෙලටොනින් සුව නින්දකට අවශ්‍යම හෝමෝනයක්.සෙරොටනින් නිපදවීම අඩු වූ විට මෙලටොනින්ද නිපදවෙන්නේ අඩුවෙන්.
  1. ඒ විතරක් නෙමේ තරබාරු නෝනලා සිහින් රුවැති ලඳුන් කිරීමටත්  හිරු එළියට හැකියාව තිබෙන බව පරීක්ෂණ ගණනාවකින් සනාථ කර තිබෙනවා.
  1. විෂාදයෙන් සිතේ දුකින් සිටින අයට වගේම කාංසාව වැනි රෝග දුරු කිරීමටත් හිරුකිරණ මහත්සේ  උපකාර වනවා. සැබවින්ම මෙවැනි රෝගීන්ට හිරු එලිය අතුරු ආබාධ නැති දිව ඔසුවක්.
  1. පිළිකාවලින් අපව බේරා ගැනීමට ළා හිරු එළියට ඇත්තේ අපූරු බලයක්. අන්ත්‍ර පිළිකා,ඩිම්බකෝෂ පිළිකා,අගන්‍යාෂයික පිළිකා,පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා,වැනි පිළිකා රැසකින් හිරු අපව බේරා ගන්නවා.
  1. සොරයිසිස්,එග්සිමා,කහ උණ,කුරුලෑ ආදී තත්ත්ව ගණනාවකටම හිරු එළිය ගුණ දායක ආලේපයක්.
  1. රුමැටොයිඩ් ආතරයිටිස්,අන්ත්‍ර ප්‍රදාහ,තයිරොයිඩ්,වැනි රෝග තත්වයන්ගෙන් පිඩා විඳිනවා නම් මඳ හිරු එලියට නිරාවරණය වීමෙන් සුවදායක අතට හැරීමේ ඉඩකඩ වැඩි වනවා.
  1. පිරිමින්ගේ සරාගික හැඟීම් මෝදු වන්නටත් නැග එන හිරු එළිය උපකාර වනවා.
  1. හිරු එළියට නිරාවරණය වූ විට නයිට්‍රික් ඔක්සයිඩ් නම් රසායනිකය නිකුත් වන අතර ඒවා රුධිර පීඩනය අඩු කර රුධිර නාල පළල් කරනවා.එනිසා රුධිර කැටි ගැසීම වළකිනවා.

මේ සියලු සුව ප්‍රතිපල ලැබෙන්නේ උදෑසන 10ට පෙර සහ සවස 4 ට පසු හිරු එළියට නිරාවරණය වීමෙන් බව අමතක කරන්න එපා.නියමිත විටමින් ප්‍රමාණය ලැබෙන්නේ මිනිත්තු 5- 15 ක් අල්ලට,අත්වලට,මුහුණට හොඳින් හිරු එළිය වැටුණු විටයි.නමුත් සන්ක්‍රීම් ආලේප කරගෙන ශරීරය ආවරණය කරගෙන යන අයට මේ  ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ.

ඉතින් නිතරම  සෞඛ්‍ය තත්වය,රූපය  ගැන සැළකිලිමත් වන ඔබට හිරු එළිය මඟ හැර යාම නිකන් ලැබෙන ලස්සනකට මඟ අවහිර කරගැනීමක් කියලා තේරෙනවා නේද ?

 

චම්මි

Related Articles

Don't Miss


Latest Articles