ලේසියෙන්ම නිර්මාණයකරගත හැකි nail arts 5ක්!

ලස්සනට නිය අලංකරණයකර ගන්න අපි කවුරුත් කැමතියි. නමුත් සැලෝන් එකකට ගිහින් කරවගන්නඑක තරමක වියදම්කාරී කටයුත්තක්. ටිකක් වෙලාවයන නිසා මොන කරදරයක්ද කියලත් ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ තනියෙන්ම ඉක්මනින්ම නිර්මාණය කරගන්න පුළුවන්.

පළමුවෙන්ම සුදු පැහැති නිය අලේපනය ගල්වන්න. වතුර ස්වල්පයක් නිය මත ආලේපකරන්න. දැන් ඔබට කැමැති විදිහට ඔබ ළඟ ඇති ඕනෑම නිය අලේපන වර්ණයක් භාවිතාකරමින් තීන්ත විසුරුණු පෙනුමක් ලබාදෙන්න.

මෙම නිර්මාණය Polka dots පැටර්න්වලට කැමති ඔබටයි. අවශ්‍යවන්නේ නිය අලේපන වර්ණ දෙකක් සහ කොණ්ඩ (bobby pin) කටුවක් පමණයි. පළමුව ලාපැහැති නිය අලේපන වර්ණයක් ආලේපකර එය වියළුණු පසු තදපැහැති නිය අලේපනයකින් bobby pinඑක ආධාරයෙන් තිත් තබාගන්න.

ලේස් හෝ loofah මෙෂ් එකක් භාවිතයෙන් මෙම fishnet-style two-tone පෙනුම ලබාගත හැකියි. පළමුව තදපැහැති නිය අලේපන වර්ණයක් ආලේපකර එය වියළුණු පසු මෙෂ් එක තබා ලාපැහැති නිය අලේපන වර්ණයක් ආලේපකරන්න.

මෙය ඉතාමත්ම පහසු nail art එකක්. මේ සඳහා ඔබටකරන්නට ඇත්තේ පළමුව තදපැහැති නිය අලේපන වර්ණයක් ආලේපකර එය වියළුණු පසු නියපොත්ත මැද සිට සුදු පැහැති වර්ණයෙන් තනි බ්‍රෂ් ඉරක් යොදන්න.

මෙහිදී ඔබ ඉස්මතුකිරීමට කැමති රන්, රිදී වැනි වර්ණයක් පළමුව ආලේපකර උල් රටාවක් එන පරිදි සෙලෝටේප් අලවා තද පැහැති වර්ණයක් ආලේපකරන්න.

මේ මොන කරන්න ගියත් පළමුවෙන්ම base coatඑක ගාල ඉන්න. කුමන නිර්මාණයක් කළත් නිතරම ඔබේ නියපොතුවල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන්න. නිර්මාණය වැඩි දවසක් පවත්වාගන්නට එකක් top coat ආලේපකරන්නත් අමතක කරන්න එපා. බලන්න ඊළඟ වතාවෙ උත්සවයකට ලස්සනට යන්න Professional nail artist කෙනෙක් නිර්මාණය කරලවගේ තිබෙන මෙම nail arts ප්‍රයෝජනවත්වෙයිද කියල.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles