මේ වසරේ ලොව මවිත කළ රුසියානු තෙල් කුවේරයන්ගේ විවාහ උත්සව

0
1179

මෙම වසරේ උත්කර්ෂවත්ම විවාහ උත්සව අතරින් ප්‍රමඛතම තැනක් ලැබුණේ රුසියානු විවාහ මංගල්‍යයන දෙකක්. අන්තර්ජාතික මාධ්‍යවලට අනුව මෙම වසරේදී ලොව වැඩිම වියදමක් දැරූ මෙම මංගල්‍යයන් පවත්වනු ලැබ ඇත්තේ  රුසියානු තෙල් ධනවතුන් දෙදෙනෙකු විසිනි.

ඩොලර් බිලියනයක මුදලක් පමණ වැයකෙරුණු පළමු විවාහය රුසියානු තෙල් බලවතෙකු වන Mikhail Gutseriev ගේ පුත්‍රයාවන Gutseriev නම් 28 හැවිරිදි තරුණයාගේයි. ඔහුගේ අතගත් 20 හැවිරිදි Khadija Uzhakhovs, දන්ත වෛද්‍ය ශිෂ්‍යාවකි. විවාහාපේක්ෂිත යුවතියන් රැසක් අතුරින් ඈ තෝරාගෙන ඇති බව සඳහන්විණි. ඩොලර් 300,000 පමණ වැයකර තිබුණු මංගලගවුම  Elie Saab නම් සුප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයකි.

මොස්කව්හි  Safisa නම් සුපිරිතම හෝටලයක මෙම විවාහය පැවැත්වුණු අතර සමස්ත හෝටලයම පාරාදීසියක් මෙන් අඟලක් නෑර මලින් සරසා තිබිණි. මනාල යුවල සඳහා අනර්ඝ රෝල්ස් රොයිස් රථ පෙරහරක් ද සංවිධානයකොට තිබුණි. අමුත්තන්ට සිහිවටන ලෙස පිරි නමා තිබුණේ රත්‍රං පෙට්ටියකි. Sting, Jennifer Lopez සහ Enrique Iglesias ආදී ජනප්‍රිය අන්තර්ජාතික ගායක ගායිකා තරු රැසක් පායා තිබුණු අතර ඒ සඳහා ඩොලර් 25,000 පමණ වැයවන්නට ඇතැයි සැලකේ. නමුත් බොහෝ අමුත්තන් මෙම අන්තර්ජාතික තරු නොදැන සිටි අතර Jennifer Lopez ගේ ඇඳුම් විලාසිතා මුස්ලිම් විවාහයකට නොගැලපෙන බවට චෝදනාවුණි. Elton John සහ Beyoncé ගේ සහභාගීත්වයෙන් යුත සීමිත පිරිසකට පමණක් ආරාධනාකල තවත් උත්සවයක් නව යුවල වෙනුවෙන් ලනඩන් නුවරදී පැවැත්වුණු බවද වාර්තාවිය.

කියවන්න :  කෝපගන්නේ බලාගෙනයි...

දෙවන විවාහයේ මනාලිය වූයේ Madina Shokirovaය. ඈ Ilkhom Shokirov නම් සුපිරි තෙල් ධනවතාගේ දියණියයි. එය අමුත්තන් 900 දෙනෙකුගේ සභාගීත්වයෙන් මොස්කව් නුවර Radisson Royal Congressional Park Hotel නම් ඉහළම පංතියේ හෝටලයක අලංකාර මල්ලියකම් මැද පැවැත්විණ. අඩි 10ක් උසැති අතිශයෙන්ම අලංකාර කේක් එක නිර්මාණය කර තිබුණේ Renat Agzamo නම් ජනප්‍රිය කේක් නිර්මාණශිල්පියා විසිනි. එය ශාලාව වෙත ගෙන ඒමට සේවකයන් රැසකගේ සහාය අවශ්‍ය වූ බව වාර්තාවුණි. ඇගේ මංගලගවුම  Ralph & Russo නම් මිල අධික ඇඳුම් නිර්මාණ ආයතනය මඟින් සකසන ලද්දකි. මෙහි මිල ඩොලර් මිලියනය භාගයක් පමණවන්නට ඇතැයි සැලකේ. ඩොලර් මිලියනය භාගයක් පමණ පිනවීමට වියදම් කොට තිබිණි.  විවාහ උත්සවය වගේම මනාලයා පිළිබඳව තොරතරු ද මාධ්‍යට වසන්කොට තිබිණි. Sador යන නමින් පමණක් හඳුන්වා තිබූ මනාලයා පිළිබඳව බොහෝ දෙනා කුතුහලය පළකොට තිබිණි. තවත් අලංකාර සාම්ප්‍රදායික උත්සවයක් ද නව යුවල වෙනුවෙන් පැවැත්වුණි.

කියවන්න :  කකුලට හිර සපත්තු ඔබට කරදරයක් ද?

දෙව් ලොව පැරදවිය හැකි බොහෝ විසිතුරු පිරුණු මෙම විවාහ සාමාන්‍ය රුසියානුවන්ගේ අප්‍රසාදයට ලක්වුණි. මේවා තෙල් කුවේරයන් ඔවුන්ගේ ධනය හා බලය තරගයට පෙන්වන්නට සැලසුම්කල තරගයක් බවට බොහෝ දෙනා විවේචනය කලහ. විශේෂයෙන්ම මෙම ධනකුවේරයන්ගේ ගම් පළාත් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙළෙන අවධියක මෙලෙස ධනය වියදම් කිරීම සුදු නොවන බවයි ඔවුන්ගේ මතය වූයේ.

581955062118c_wedding_1 khadija-uzhakhova-russian-billion-dollar-wedding-1

gutseriev-billionaire-russian-wedding_8

– කල්හාරී –