දන්නවද හරියටම butter cake හදන්න?

Butter cake කියන්නෙ ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් වගේම හදන්න දැනගෙන ඉන්න ඕන දෙයක්. ගෙදර අයව පුදුම කරන්න හදල බලන්න හරිම ලේසියි.

ඕන කරන්නෙ මෙන්න මේ දේවල් :

  • බටර්/මාගරින් 250g (දියවෙන්නට තබන්න)
  • සීනි 250g
  • බිත්තර 250g (බොහෝවිට බිත්තර 5ක්)
  • පාන්පිටි 250g
  • බේකිං පවුඩර් තේ හැඳි 2 ½ (බිත්තර 1කට තේ හැඳි ½ක්වන පරිදි)

හදාගන්නෙ මෙන්න මෙහෙමයි :

පළමුව සීනි සහ බටර් ගසාගන්න. ඊළඟට බිත්තර එකතුකරගන්න. පිටි සහ බේකිං පවුඩර් එකට පෙනේරයකින් හලාගෙන හැන්දකින් මිශ්‍රණයට එකතුකරගන්න. තෙල් කඩදාසියක් දමාගත් තැටියකට දමා වැඩිම උෂ්ණත්වයන පැය භාගයක් පමණ බේක්කරගන්න.

කේක් එක වඩාත් රසවත්කරගන්න :

*වැනිලා තේ හැඳි 1ක් සහ කිරි තේ හැඳි 2ක් එකතුකරගැනීමෙන් කේක් එක වඩාත් රසවත් කරගන්න පුළුවන්.

*චොක්ලට් චිප්ස්, ගා ගත් චොක්ලට් ආදිය එකතුකර වෙනස්ම රසයක් එකතුකරගන්න පුළුවන්.

*වියළි කජු හෝ මිදි එකතුකරගන්නවා නම් මතක ඇතිව පිටිටිකක තවරා එකතුකරගන්න.

*ආහාර වර්ණකයක් (food coloring) එකතුකරගන්නත් පුළුවන්.

.*බීටර් එකක් නැතිනම් ලී හැන්දකින් කලවම්කරන්න. ඇත්තටම ලී හැන්දකින් කලවම්කලවිට වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්.

*වරකට එක බිත්තරය බැගින් වෙනම භාජනයකට කඩා එකතුකරගන්න. නරක්වුණු බිත්තර හෝ බිත්තර කටු මිහ්‍රණයට එකතුවීම ඉන් වැළක්වේ.

*බේක්කරන්න විදියක් නැතිනම් පොඩි වෙනසකටත් එක්ක හුමාලයෙන් තම්බන්න.

*ගොඩක්වෙලා බීට් කළොත් වගේම මිශ්‍රණය ගොඩක් වෙලා එළියෙ තිබ්බොත් කේක් එක හරියට පිපෙන්නෙ නැහැ.

*බේක්කරල ඉවරවෙලා කේක්එක අවන්එක ඇතුමෙ තිබ්බොත් කේක්එක පිපිල තිබෙන්නෙ නැහැ.

*අවන්එක අරින්න වහන්න ගියොත් කේක්එක හරියට පිපෙන්නෙ නැහැ.

*ටූත්පික් එකක් එබූවිට මිශ්‍රණය එහි ඇලෙන්නෙ නැතිනම් කේක් එක හරියටම බේක්වෙලා.

ඔබට මෙම මූලික කේක් එක හරියට හදාගන්න පුළුවන්නනම් රසට පිරිසිදුවට ගෙදරදීම උපන්දින කේක් එකක් වුණත් හදාගන්න පුළුවන්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles