දඟකාරයා නාසයේ මොනවදෝ හිරකරගෙන

සාමාන්‍යයෙන් කුඩා දරුවන් සිය නාසයට ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් කරගැනීම සාමාන්‍ය සිදුවීමක්.මෙය නිතරම දෙමාපියන් බියට කලබලයට පත් කරවන සිදුවීමක් ලෙස හඳුන්වන්නට පුළුවන් .ඉතින් අපි අද ඒ ගැන ටිකක් කතා කරමු.

නාසයේ යමක් සිරවීම අනතුරුදායකද?

සිරකරගන්නා ද්‍රව්‍ය මත තමා අනතුරුදායක බව රැඳී තිබෙන්නේ .නිතරම දරුවන් ගැන අවධානයෙන් සිටීම සහ නුපුරුදු කුඩා ද්‍රව්‍ය ඔවුන්ගෙන් ඈත් කර තැබීම ගැන දෙමාපියන් නිතරම සැළකිලිමත් විය යුතු වෙනවා.ඒ වගේම කුඩා කොටස් සහිත ක්‍රීඩා භාණ්ඩ ගැනත් මනාව සැලකිලිමත් වීම අවශ්‍යයි.

නාසයේ සිරකරගන්නා අවදානම් දෑ මොනවාද ?

අතිශයින්ම අවදානම් දේ අතර කුඩා බැටරි හඳුන්වන්න පුළුවන් .බැටරියේ රසායන ද්‍රව්‍ය දරුවාගේ ශරීරය තුළට ඇතුල් වීමටත් ඉඩ තිබෙනවා.ඒ වගේම බෙහෙත් පෙතිද අවදානම් ද්‍රව්‍ය ලෙස හඳුන්වන්න පුළුවන් . සමහර විට දරුවා යමක් නාසයේ සි රකරගත් බව දෙමාපියන් නොදැන සිටින අවස්ථාත් ඉතාමත්ම බහුලයි.

දරුවා නාසයේ යමක් සිරකරගත් බව දැනගන්නේ කොහොමද?

සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයක් දරුවා වෙතින් දකින්නට හැකි නමුත් සොටු දියර වැස්සේන්නේ එක නාස් පුඩුවකින් පමණක් වීම මෙහිදී විශේෂයි.ඒ වගේම දරුවාගේ නාස් පුඩුවෙන් දුගඳක් හමන්නටත් ගන්නවා.මෙයත් හඳුනා ගැනීම සඳහා වන විශේෂ ලක්ෂණයක්.

සැත්කමක් කරන්න වෙයිද ?

ඇතැම් අවස්ථාවල ශල්‍යාගාරයක කළ යුතු ප්‍රතිකර්ම වලට යොමු වන්නට සිදුවනවා.නමුත් එවැනි දෙයකට යොමුවන්නේත් නාසයේ හිරවූ දෙය යම් ආරාක්ශාකාරි උපකරණයක් මඟින් පිටතට ගැනීමට සිදුවුවොත් පමණයි. ඒ කියන්නේ සිරවූ දෙය පිටතට නොපෙනීම,පිටතට පෙනෙන පරිදි තිබුණත් වෛද්‍යවරයාට එය නිසි පරිදි ඉවත් කිරීමට අපහසු වීම.{දරුවාගේ කලබලකාරී බව නිසා }

අනතුරට පත් වූ දරුවා පැය හයක් පමණ නිරාහාරව තබා නිර්වින්දනය කර සියුම් උපකරණයක් මඟින් සිරවූ දෙය පිටතට ගනු ලබයි.මෙහිදී දරුවා නිර්වින්දනය කරන්නේ කලබල කරන නිසයි .

සිරවුණ දෙය පිටතට ගැනීමට මාපියන්ට පුලුවන්ද

බොහෝ විට එවැනි උත්සාහයන් අසාර්ථක මෙන්ම අවදානම් සහගත වෙන්න පුළුවන්වෙනත් අනතුරක් සිදුවීමටත් ඉඩ තිබෙනවා. ඉන් දරුවාත් පිඩාවට පත් වෙන්න පුළුවන්වඩාත් සුදුසුම දෙය ඉක්මනින්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත දරුවාව හැකි ඉක්මනින් රැගෙන යාමයි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles