සංචාරයට කැමති ඔබට සබරගමුවේ ඓතිහාසික මහ සමන් දෙවොල

ඓතිහාසික ස්ථාන රාශියක් සබරගමුව පළාතේ පිහිටා තිබුනද ඉන් මූලිකම ස්ථානය ලැබෙන්නේ රත්නපුර මහ සමන් දේවාලයටය. මෙය රත්නපුර නගර මධ්‍යයට ආසන්නයේ පිහිටා ඇත.  සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට තිබෙන ප්‍රධාන දේවාලය වශයෙන් සැළකෙන රත්නපුරයේ පිහිටි සපරගමු මහ සමන් දේවාලයේ ඉතිහාසය දඹදෙණිය රාජ සමය දක්‌වා දිවයයි. දඹදෙණියේ රාජ්‍ය කළ II පැරකුම්බා රජුගේ අණින් ආර්යකාමදේව නම් අමාත්‍යවරයා විසින් ඉදිකරවනු ලැබූ සපරගමු මහ සමන් දේවාලය එතැන් පටන් රාජානුග්‍රහය යටතේ තව තවත් දියුණුවට පත්විය. නමුත් සීතාවක රාජධානිය බිඳ වැටීමත් සමග සපරගමු මහ සමන් දේවාලයට උදාවූයේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකි.

රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරාසන්නයේ පිහිටි මාරගහයට නම් ස්ථානයෙන් දකුණට හැරී පානදුර මාර්ගයේ කිලෝමීටර් 02 ක් පමණ ගමන්කල විට සබරගමුව මහා සමන්දේවාලය හමු වේ. දේවාලය අවට ප්‍රදේශය ‘දේවාලේගාව’ යනුවෙන් හදුන්වන අතර එක් පසෙකින් කළු ගඟද අනෙක් පසින් රත්නපුර – පානදුර මහා මාර්ගයෙන් මායිම් වී ඇත. සුමනසමන් දෙවියන් වෙනුවෙන් ඉදිකෙරුනු ප්‍රධානතම දෙවොල මෙය වන අතර එබැවින් ‘සබරගමු මහ සමන්දේවාලය’ ‍යනුවෙන් ප්‍රකට වී තිබේ.

මහා සමන් දෙවොලෙහි ඇති බොහෝ දේවල් කුතුහලය දනවන සුළුය. එහෙත් දෙවොලට යන එන වැඩි දෙනෙක් ඒවා පිළීබද අවධානය යොමු නොකරයි. දෙවොල නිමකර ඇත්තේ කලුගල් සහ මැටියෙන් කල බිත්ති වලිනි. එම බිත්තියක් අඩි දෙකක් පමණ ඝනකමය. වහලය බොහෝම ශක්ති සම්පන්නය. බාල්ක හා පරාල වලට යොදාගෙන අත්තේ වටිනා දැව වර්ගයන්ය. වහලය සෙවිලිකර ඇත්තේ පෙති උළු වලිනි. අතීතයේදී දේවාලය වටා ශක්තිමත් කලුගල් බැම්මක් තිබුනුබව තැනින්තැන ඇති නටඹුන් වලින් පෙනේ. මෙයට අමතරව ‘ආනමේත්‍ර’ යනුවෙන් හදුන්වන ආරක්ෂීත තාප්පයක්ද දෙවොල වටා ඉදිකර ඇත. දෙවොලේ රාජකාරී කටයුතු වලට අවශ්‍ය රථ ගෙයක්ද සිංහාසන මන්දිරයක්ද, අතපත්තුමඩුවක්ද, මඩම් දෙකක්ද දෙවොලෙහි වෙයි.

මීට අමතරව මහ සමන් දේවාල පරිශ්‍රයේ ප්‍රධාන දොරටුවෙන් දේවාල භූමියට ඇතුල් ව දිග් ගෙයට ඇතුල් වීම සඳහා තිබෙන පඩි පෙළට දකුණු පසින් තිබෙන දිගු ගොඩනැගිල්ලේ  අඩි 4 ක් පමණ උස අඩි 2 ක් පමණ පළල කළුගල් පුවරුවක සංග්‍රාමීය අවස්ථාවක් දැකගන්න ලැබෙනවා. පහළින් පෘතුගීසි බසින් ලියපු වාක්‍ය පේළි 4 ක් පමණ දැකගන්න ලැබෙනවා.

රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර සෑම මසකම අගෝස්තු මාසයේ මහා බැතිමතුන් පිරිසකගේ සහ විශාල ජනකායකගේ සහභාගීත්ව‍ෙයන් එම දේවාලයේදී පැවැත්වේ.

රත්නපුර නගරය ආසන්නවම වගේ තියෙන හින්දා ඕනම කෙනෙකුට පහසුවෙන් ලගා වෙන්න පුලුවන්. සබරගමුවේ සංචාරය කරන ඔබ නැරඹියම යුතු තැනක් තමයි සමන් දේවාලය කියන්නේ.

(අනතර්ජාලය ඇසුරිනි)

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles