සමාජ ජාලා වෙබ් අඩවිවලට ඡායාරූප upload කරද්දී…

විවිධාකාර අදහස් තියෙන පුද්ගලයන් ලංකාවෙ පමණක් නෙමෙයි පිටරට අය වුණත් ඉන්න පුළුවන්. එනිසා සමාජ ජාලා වෙබ් අඩවි සඳහා ඡායාරූප එකතුකිරීමේදී තරමක් සිතා බලා කටයුතුකිරීම වැදගත්.

ඡායාරූප එකතුකිරීමේදී තමන්ගේ Friend list එකේ ඉන්න පිරිසට පමණක් නැරඹිය හැකි ලෙසයි ඡායාරූප දැමීමයි යුතු වන්නේ. නමුත් Instagram වැනි සමාජ ජාලා වෙබ් අඩවියකට ඡායාරූප එකතුකිරීමෙන් වඩාත් විශාල පිරිසක්වෙත එම ඡායාරූප ප්‍රදර්ශනය වියහැකි නිසා වඩාත් ප්‍රවේශම්වන්න.

යහළුවන් නෑදෑ හිත මිතුරන් සමග ගිය විනෝද චාරිකාවක, සාදයක ඡායාරූප upload කිරීමේදී එම ඡායාරූප එම පුද්ගලයන් අතර පමණක් share වෙන විදියට කටයුතු යොදනවානම් වඩාත්ක් හොඳයි.කාර්යාලයේ පිරිස සමඟ ගිය විනෝද චාරිකාවක වුවද ඡායාරූප අප්ලෝඞ් කරනවනම් ඒ පිරිසට පමණක් නැරඹිය හැකි වන ලෙස දැමීම ඉතා  වැදගත්. ඒ වගේම එම ඡායාරූප සියල්ලම Facebook වැනි සමාජ ජාලා අඩවියකට එකතුකිරීම අත්‍යාවශ්‍යද යන්න සිතීම තමන්ට භාරයි.

සමහර වෙලාවට මිතුරු මිතුරියන් සමග එක්ව හිඳ ළඟටවී ඡායාරූප ගන්නවා. ඒ ගන්නා ඡායාරූප වෙන කවුරු හෝ දුටුවිට වැරදි අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එමගින් කව්රුන් හෝ අපහසුතාවයන්ට ලක්වෙන්නට  ඉඩ තිබෙනවා. ඒ නිසා තමන් ඡායාරූපයකට පෙනී සිටීමේදී පවා හැමදේ ගැනම සැලකිලිමත් විය යුතු වන අතර ගන්නා ඡායාරූප upload කරද්දී වූවත් වඩාත් කල්පනාකාරී විය යුතුයි.

ඒ වගේම upload කිරීමට ඡායාරූප ගැනීමේදී තම ඡායාරූප වෙනත් අයගේ හෝ ඔබ නොහඳුන අයගේ කැමරා හෝ ෆෝන් භාවිත කිරීමේදීත් සැලකිලිමත් විය යුතුයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles