කලබලකාරී නගරයට සිසිල සදන තෙත්බිම් උද්‍යානය

කලබලකාරී නුගේගොඩ නගරය පසුකර නාවල ඔස්සේ ගමන් කළ අයෙකුට වැලි පිරවූ ලොරි කිහිපයක් නතර කර තිබූ ”වැලි පාර්ක්” අමුතුවෙන් මතක් කර දිය යුතු වන්නේ නැත. වර්තමානයේදී එම භූමිය ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව සකස් කළ ලංකාව තුළ ඉදිවූ පළමු නාගරික තෙත් බිම් උද්‍යානය

ඇහැළ, කරඳ, කොබෝලීල, මූණ මල්, මුරුත, කුඹුක්, දිය නා ගොඩපර, කරඳ, නුග ආදී ගස් මෙන්ම දම්,  ඕවිටිය, හීන් බෝවිටියා, චෙරි වර්ග, ඇඹුල් පේර, නාරං, තණ බිමට ගෙනෙන්නේ නොමද සිරියකි. කුට්ටම් පොකුණේ ස්වරූපයට ඉදිවුණ නිසංසල පරිසරයේ ශබ්දය බිඳ දමමින් ඇද හැළුණු පොකුණේ දිය දහරාව ගතට මෙන්ම සිතට ද  ශාන්තවත් සුවයක් ගෙනදෙයි. ශාරීරික සුවතාවය වෙනුවෙන් ඇවිදීමට ඇති මං තීරුව ගතට මෙන්ම සිතට සුවය ගෙන දෙයි.

ජාතික විදුලිබල පද්ධතියෙන් සීමිත විදුලි උත්පාදනයක් පමණක් ලබා ඉතිරි සියලූ විදුලි උත්පාදන අවශ්‍යතාවන්, සූර්ය බලශක්තිය ප‍්‍රයෝජනයට ගැනීමය. උද්‍යානය මධ්‍යයේ ඇති පොලොන්නරුව කුට්ටම් පොකුණට සමානව ඉදිවූ පොකුණට ද සීමිත වතුර ප‍්‍රමාණයක් පමණක් කළමනාකරණය වී ඇති අතර වාෂ්ප වන ජල ප‍්‍රමාණය පමණක් නැවත ලැබෙන පරිදි එම පද්ධතිය සකස් කර තිබේ.

උද්‍යානය පුරා ඇති සියලූ ගස්, වැල්, මල්, පළතුරු ශරීරයට අහිතවත් නොවන ආකාරයෙන්, පරිසරයට හිතකාමී ලෙස තෝරාගෙන තිබේ. දරුවන්ට තෘප්තිමත්ව දුව පැන සෙල්ලම් කර පළතුරු ගස්වලින් පල නෙලා ගැනීමටත් උද්‍යානය තුළදී ඉඩ හසර සලසා තිබේ.

අහස සිඹින තාප්ප වලින් වටවුණ කලබලකාරී නගරයේදී පරිසරයට චමත්කාරය කැන්දන අක්කර දහඅටක වපසරියක් පුරා පැතිරී ඇති මෙම නාගරික තෙත්බිම් උද්‍යානය අවිවේකී දිනයක අවසන පිරිසිදු වාතාශ‍්‍රය ලබමින්  මද විවේකයක් ලබාගන්නට කදිම ස්ථානයකි.

අන්තර්ජාලය ඇසුරෙනි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles