පුංචි බබාට බලෙන් අකුරු කියවන්නේ බලාගෙනයි

ඔබේ ආදරණීය සිඟිත්තා අනාගතය ජයගැනුමට පා තබන ජයමගෙහි මුල්ම කඩඉමක්වනුයේ අකුරු කියවීමයි. එය වටිනාම ජවන කඩඉමක් හෙයින්ම අකුරු කියවීම සඳහා එයටම ආවේණික සිරිත් රැසක්වේ. අද කාළයේ බොහෝ නොට මෙවැනි දෑ පිළබඳ එතරම් අවබෝධයක් නොමැති හෙයින් මෙම කුඩා මඟපෙන්විම ඔබට වැදගත්වනු ඇත.

හෝරාහරණය, මුහුර්ථ චින්තාමණී, ආදී පැරණි ජ්‍යෙතිෂ ග්‍රන්ථවලට අනුව අකුරු කියවීම කළ යුත්තේ දරුවාට වයස අවුරුදු පහ වන විටය. පෙර පටන්ම පාසලේ හෝඩිය පංතියට ඇතුළත් කරගනු ලබන්නේ වයස වසර පහක් වූ දරුවන්ය.  නමුත් මෙකල වයස වසර තුනේ දරුවන්ට අකුරු කියවීම කළද, ඊට හේතු වී ඇත්තේ ළදරු පාසල් යෑවීමට ඇති අවශ්‍යතාව බව පෙනේ. වයස තුනේදී විද්‍යාරම්භය උදෙසා අකුරු කියවුවද, ඊට “අත් පොත් තැබීම” යන වචන වඩාත් උචිත බව බොහෝ ජ්‍යෙතිෂ‍වේදීන්ගේ මතයයි.

සරස්‌වතී යෝගය විද්‍යාරම්භය සඳහා ඉතා ශුභය. බදාදා දවසක බුධ හෝරාව තුළ රවි, බුධ යන ග්‍රහයින් දෙදෙනා කන්‍යා ලග්නයේ බලවත්ව උදාවන විට සරස්‌වතී යෝගය යෙදේ. මෙවැනි විශේෂ යෝගයක්‌ උදාවන විට අතුරු කියවීම ඉතා ශුභය. එමෙන්ම. අකුරු කියවීමට ශුභ වන්නේ උදේවරුව පමණකි. ප්‍රථමයෙන්ම මුල් පොත අකුර වූ ” අ” යන්න කියවීම සුදුසුය.

අකුරු කියවන අවස්‌ථාව වැඩිහිටියනට ඉතා සුළුදෙයක්‌ ලෙස පෙනිය හැකි නමුදු දරුවාට එය ඉතා වැදගත් කටයුත්තකි. එබැවින් එය දරුවාට ඉතා ප්‍රසන්න අද්දැකීමක්‌ බවට පත්කළ යුතුය. අකුරු කියවීමේ චාරිත්‍ර පිළියෙල වී ඇත්තේ මේ අනුවය. මේ සඳහා දරුවාට ලස්‌සන පොත් පත් පැන්සල් ආදිය සපයා ගත යුතුය. හිඳ ගැන්මට වඩාත් සුදුසුවන්නේ ලොකු පුටු මේස නොව දරුවාගේ සිරුරට ගැලපෙන සේ සාදන ලද කුඩා ඩෙස්‌ එකක්‌ හා පුටුවකි. අකුරු කියවීමට පෙර බුදු රජාණන් වහන්සේට බුද්ධ පූජා තබා දෙවියන්ට පින් දිය යුතුය. සරසවි, ගණදෙවි රූප තබා පනත් දල්වන්නේ නම් ඒ රූප බුද්ධ රූපයට වඩා පහළින් සිටින සේ තැබිය යුතුය.

අකුරු කියවීමට පෙර දරුවා කරන්නට යන දේ ගැන දැනුවත් කළ යුත්තේද ප්‍රසන්න ආකාරයෙනි. අකුරු කියවන විට ඕනෑවට වඩා සෙනඟ බලා සිටීම, දරුවාට “කියන්න” “කියන්න” යෑයි කෑගසීම, කිලි කුණු ඇති අය හා ඇස්‌වහ දෝෂ ඇති අය බලා සිටීමද අශුභය. අකුරු කියවීමට මව පියා හෝ අන්‍ය ගුණ ගරුක වැඩිහිටියකු ශුභය.

ඔබේ ආදරණීය සිඟිත්තාට මතු දිනයකදී අකුරු කියවීමේ ඒ සුන්දර මොහොත එළඹෙන විට ඔබට අනිවාර්යයෙන්ම මෙම කරුණු මහත් ප්‍ර‍යෝජනයක් වනවාට සැකයක් නැහැ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles