පමණ ඉක්මවා බැදුම් කන්නේ බලාගෙනයි

ටෝස්ට් සහ බැදුම් කන්න අකමැති කවුද? වර්තමානයේද එදිනෙදා කෑමවේලක ටෝස්ට් හෝ බැදුම් ඉතාම පොදු අංගයක් බවට පත්වීඇත.

නමුත් පමණ ඉක්මවා පාන් ටෝස්ට් කිරීම මෙන්ම, පමණ ඉක්මවා බදින ලද අල හා අලපෙති නිතර ආහාරයට ගැනීම පිළිකා අවදානමක් ඇති කරන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවා තිබේ. පිෂ්ටය සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක් යටතේ රත් කිරීම, බැඳීම මෙන්ම පිළිස්සීම හේතුවෙන් ශරීරයට අහිතකර ඇක්‍රයිලමයිඩ් රසායනිකය නිපදවෙන බව බ්‍රිතාන්‍යයේ ආහාර තත්ත්ව පාලන ආයතනයේ විද්‍යාඥයෝ පවසති.

විශේෂයෙන්ම, පාන් ටෝස්ට් කිරීමේදී ඒවා තද දුඹුරු පැහැවෙන තුරු ටෝස්ට් කිරීමත්, අර්තාපල් හා අලපෙති බැදීමේදී පමණ ඉක්මවා ඒවා පිළිස්සීමත් අවදානම් සහගත බව ඔවුහු පවසති. මෙවැනි ආහාර දීර්ඝ කාලයක් ශරීරයට වැටීමෙන් පිළිකා හටගැනීමේ අවදානම ඉහළ යා හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.

එමෙන්ම, අර්තාපල් ශීතකරණයේ ගබඩා නොකරන ලෙසත්, එවැනි ආහාර ද්‍රව්‍ය අඩු උෂ්ණත්වයක් සහිත පරිසරයක් තුළ ගබඩා කිරීමෙන් ඒවායෙහි සීනි මට්ටම ඉහළ යෑම නිසා, ඒවා පිසීමේදී ඇක්‍රයිලමයිඩ් රසායනිකය ඉහළ යෑමේ ඉඩක් පවතින බවත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles