බබා එක්ක පරිස්සමින් පාරෙ යන්න

ලංකාවේ පාරවල් වගේම පොදු ප්‍රවාහන සේවයත් ආරක්ෂාව පිළිබඳ එතරම් ප්‍රසිද්ධියක් උසුලන්නේ නැත. දරුවෙක් සමඟ නොව තනිව පවා මහමඟ ගමන්කිරීමට අසීරුය. එනිසා බබාලා එක්ක ගමනක් යන්න වුණොත් මෙන්න මෙ දේවල් ගැන අනිවාර්යයෙන්ම කල්පණාකාරීවන්න.

දරුවන් සමග පොදු ප්‍රවාහන සේවයක ගමන් ගන්නා විට ඔබේ ගමන් මලුවලට වඩා දරුවාගේ ආරක්ෂාවට ඔබේ දෑස් යොමු කළ යුතුය. කුඩා දරුවන් නොව නව යොවුන් වියේ දරුවෙකුට පවා මෙවන් අවස්ථාවල ලිංගික හිංසනයට මානබලන අධමයන් සිටිය හැකිය.ගමන්මලු කිහිපයක්ම අතැතිව ගමන් කරන ඔබට දරුවා තම සමීපයේ තබාගැනීම අසීරු නම් සෙනග අඩු දරුවා සමග සමීපව අසුන් ගත හැකි බසයක් හෝ දුම්රියක් පැමිණෙන තුරු රැඳී සිටිය හැකිය. එසේ නැතිනම් තරමක  මුදලක් වියදම් කරන පසුබිමක ආරක්ෂිත කුලී රථයක් ගෙන්වා ගැනීම හැම අතකින්ම ආරක්ෂිතය. එලෙස වියදම් වන මුදලට වඩා දරුවාගේ ආරක්ෂාව මුදල්වලින් පිරිමැසිය නොහැකි බැවින් දෙවරක් නොසිතා ආරක්ෂිත පිළිවෙල අනුගමනය කිරීම වඩා සුදුසුය.

මෙවන් කාලවල සුලබව සිදුවෙන මාර්ග අනතුරු පිළිබඳවද අපට අමතක කළ නොහැක. පදිකයන්ගේ නොසැලකිල්ලත්, රියදුරන්ගේ නොඉවසිලිමත් බවත් ඊට ප්‍රධාන ලෙස බලපාන හේතුසාධක වෙයි. ලැබෙන නිවාඩු කාල පරිච්ඡේදයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගන්නට සිත උන්න්දු වන නිසාම සියලු දේ ඉක්මනින් සිදුකර ගැනීමටද ඔබේ අරමුණය. නමුත් ඔබේ දඟකාර දරුපැටියාද ඔබ සමගින් නම් දස දහස් වාරයක් මහා මාර්ගයේ සිහියෙන් යෑමට අමතක නොකළ යුතුය.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles