විවාහයට ප්‍රථම සිදු කළ යුතුම වෛද්‍ය පරීක්ෂාව

0
2256

තැලසීමියාව පිළිබඳව තවමත් අපේ රටේ තවමත් නිවැරදි කතිකාවතක් නැහැ. දෙමාපියන්ගේ නොදැනුවත්කමින්  ජිවිතයේ  නොකළ වරදකට  දඩුවම්  විදින තැලසීමියා රෝගීන් 3000 ක් පමණ අපේ රටේ ජිවත්වෙනවා. ඉන්  එක්  අයකු  රැක බලා  ගැනීමට වසරකට රුපියල් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණය වැයවනවා. මේ බර  අපට  කොපමණ කාලයක්  දරා  ගත හැකි වේද? එබැවින් තැලසිමියා උවදුරෙන් මතු පරපුර බේරාගැනීම  සැමගේ සමාජ වගකීමකි.

තැලසීමියා කියන්නේ අපේ ඇඟේ තියෙන ජාන වලට සම්බන්ධ තත්ත්වයක්. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට  යන තත්ත්වයක් . මහ තැලසිමියාව දරුවකුට උරුම වෙන්නේ මවත් පියත් දෙදෙනාටම තැලසිමියා වාහක නැතිනම්  සුළු තැලසිමියාව කියන තත්ත්වය තිබුණොත්  විතරයි. මවත්  පියාත්  දෙදෙනාම රෝග වාහකයන්  වුණාහම 25 % මහ තැලිසිමියාවෙන්  පෙළෙන දරුවන්  ලැබිමේ  සම්භාවිතාවයක්  තියෙනවා. එසේම තැලසීමියාව කියන්නේ  අපේ  ඇගේ  තියෙන රුධීර  සෛල වලට  සම්බන්ධ තත්ත්වයක්. රතු සෛලවල තියෙන හිමෝග්ලෝබින්  කියන සංඝටකය වෙනස්කමක් නිසා  නිසා  රතු ලේ සෛල අකාලයේ  බිඳි යනවා. ඒ නිසා  ලේ අඩු  කමක්  එහෙම නැතිනම්  රක්ත හිනතාවය කියන තත්ත්ව ඇතිවෙනවා. පිටතින්  ලේ  ලබානොදුන්නොත්  මෙම රෝගීන්ට ජිවත් වෙන්න බැහැ .

කියවන්න :  සිරුරේ බර වේගයෙන් අඩුකරන ලොව පුරා ජනප්‍රිය Intermittent Fasting ඔබටත් ගැලපෙනවා ද?

රෝග  වාහකයකු  එහෙම නැතිනම්  සුළු තැලසිමියාව පරික්ෂණයකින්  තියෙන කෙනෙක්  කියන්නේ  ලෙඩෙක්  නෙමෙයි. හුඟක්  සුරූපී නළු නිළියන් , දක්ෂ ක්‍රීඩකයන්  වගේ අයත්  මේ අය අතර  ඉන්නවා. අපේ  රටේ  මුළු ජනග්‍රහණයෙන්  5% තැලසිමියා  වාහකයන්  විය හැකි  බව සොයාගෙන තිබෙනවා. මොවුන්ගේ  ඇඟ ඇතුලේ  නිලීන ජානයක්  හැංගිලා  තියෙනවා. ඔවුනට ඒ ජානය ඉදිරි  පරම්පරාව ගෙන යන්න හැකියාව තියෙනවා. නැතිව සුළු තැලසිමියාව කියන්නේ  ලෙඩක් නෙමෙයි. තැලසීමියාව ඇති දරුවෙක් සිටියදී තවත් දරුවෙක් හැදුවොත් ඒ දරුවාටත් තැලසීමියාව ඇතිවිමට ඇති අවදානම 25%. නමුත්  ඒ අවදානම ගැනීම භයානකයි.

සැබැවින්ම ඉතාම සරල ලේ  පරික්ෂාවකින් ඔබට  දැන ගත හැකිය  මේ  සඳහා  වෙන් වු ඒකක හතරක් දැනට  අප රටේ පවතිනවා. උතුරු කොළඹ  ශික්ෂණ රෝහලේ  මහර  කඩවත සිරිමාවෝ  බණ්ඩාරනායක මාවතේ  තැලසීමියා  මධ්‍යස්ථානයෙන් ද, බදුල්ල ශික්ෂණ රෝහලෙන් ද , අනුරාධපුර  ශික්ෂණ රෝහලෙන් ද, මහනුවර  ශික්ෂණ  රෝහලෙන් ද ඔබට මෙම සේවාව ලබා ගත හැකිය. ජාතික තැලසිමියා  නිවාරණ වැඩසටහන යටතේ  සිදුකරන ලේ පරික්ෂාවේදී  ඔබ තැලසිමියා  වාහකයකු  වුයේ  නම්  රෝස පැහැති  කාඩ්  පතකුත්  වාහක නොවේ  නම්  කොළ පැහැති  කාඩ්  පතකුත් ලැබීමට  නියමිතය.

කියවන්න :  ඔසු පැළයක ගුණ වරුණ 1

අනාගතයේදී නිරෝගී දරුවෙක් පතනවානම් රෝස පැහැති  කාඩ්පත් ඇති දෙදෙනෙකු විවාහ වීම සහ පරික්ෂාව සිදු නොකළ දෙදෙනකු විවාහවීම දෙවරක් නොව සිය වරක් සිතා බැලිය යුත්තකි.

ඔබේ තැලසීමියා වාහක බව හඳුනාගෙනීමෙන්  අනාගතයේ  තැලසීමියා  රෝගී  දරුවකු  මේ ලෝකයේ  බිහිවිම වළක්වා  ගෑනිමට  මඟ සැලසෙනු  ඇත.

– කල්හාරී –