ලොව දිනන්න උදෑසනින් අවදිවන්න

උදෑසන අවදිවීම ජීවිතයට ඉතාම වැදගත්. නමුත් උදෑසන අවදිවීම කියන්නේ හුඟක් දෙනකුට තරමක් කරදරකාරී දෙයක්. එසේම අප නොහිතන විදියේ ප්‍රතිලාභය රැසක් ඉන් ලැබෙනවා.

සාමාන්‍යයෙන් උදෑසනට අවදි වුණාම අපට සූදානම් වීමට යම් කාලයක් ඉතිරි වෙනවා. එම කාලය එදා දවස සැලසුම් කිරීමට, අතහැරුණ දේ සකසා ගැනීමට තමා පිළිබඳ සිතන්න වෙන්කරගත හැකියි. කලින් දිනයේ අතපසු වුණ දෙයක් වුණත් කරන්න වේලාව තිඛෙනවා. සෑම උදෑසනක්ම හරිම සාමකාමීයි. නිස්කලංකයි. ඒ වගේම නිහඬයි. මනෝ විද්‍යාවේදීන් පවසන පරිදි ඔබට ඔබේ හඬට සවන්දීමට ඇති හොඳම වේලාව උදෑසනයි. එයට හේතුව උදෑසන ඇති නිහඬ නිස්කලංක සාමකාමී බව ලෙස ඔවුන් පෙන්වා දෙනවා. ඔබේ අත්දැකීම්, සිහින පිළිබඳ සිතන්නට පුංචි භාවනාවක නිරත වන්නටත් උදෑසන යොදාගන්න පුළුවන්. ඒ වගේම ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අවශ්‍ය නම් උදෑසන වැටෙන පළමු හිරු එළිය මඟ හරින්නත් එපා.

පමා වෙලා අවදි වන අයට සමහර දෑ මඟ හැරෙනවා. අපහසු වනවා වගේම, අතහැරෙනවා. උදෑසන පමා වෙලා අවදි වුණාම පාසලට හෝ කාර්යාලයට යන්න පමාවන නිසා හිතේ ඇතිවන කලබලය නිසයි එහෙම වෙන්නේ. ඒ නිසාම උදෑසන අවදි වීමෙන් දවසම සාමකාමීව ගතකරන්න පුළුවන්. ඒ වගේම උදෑසන අවදි වුණාම කලබලයෙන් තමන්ගේ කටයුතු කරන්න අවශ්‍ය නැහැ. පමා වෙලා අවදි වෙන හුඟක් දෙනා කලබලයෙන් එහේ මෙහේ දුවමින් වැඩ කරනවා දකින්න පුළුවන්. නමුත් උදෑසනින් අවදි වන අයට තමන්ගේ වැඩ කටයුතු කරගන්න වුවමනාවටත් වඩා කාලය තියෙනවා.

හුඟක් අයට ව්‍යායාම්වල නිරතවෙන්න වේලාවක් නැහැ. ව්‍යායාමවල තිඛෙන ප්‍රතිඵල පිළිබඳ දැනගෙන සිටියත් කාලය නැතැයි කියන මැසිවිල්ල බොහෝ විට අහන්න ලැඛෙනවා. නමුත් උදෑසන අවදිවීමට, හැකි නම් ව්‍යායාම කරන්න කාලය සොයාගත හැකියි. එසේම උදෑසන ව්‍යායාම්වල නිරත වීමෙන් දවස පුරාම ඔබව ප්‍රබෝධවත්ව තියෙනවා.

නමුත් මේ මොන දේ කිව්වත් උදෑසන අවදිවීමට පුරුද්දක් නැති කෙනෙක්ට එක්වරම උදෑසන අවදිවීමට නොහැකියි. ඒ නිසා එවැනි අයටත් උදෑසනම අවදිවීමට ක්‍රම තිඛෙනවා. හේතුවක් නිර්මාණය කරගන්න: මා උදෑසන අවදි විය යුත්තේ ඇයි? ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳ අවබෝධ කරගෙන එය සිතට ගත්තාම උදෑසනට අවදිවීම පහසුයි. ඔබේ නිදන ඉරියව්ව වෙනස් කරන්න. එය උදෑසන නිසි ලෙස අවදිවීමට හේතුවක් වනවා. ඔබ එක්වරම උදෑසන 5ට අවදි වන්න අවශ්‍ය නැහැ. ටිකෙන් ටික විනාඩි 15 බැගින් කලින් අවදිවීමට හුරුවන්න. හැකියාව තිඛෙනවා නම් කලින් නින්දට යන්න. එවිට වැඩි පැය ගණනක් නිදාගෙන උදෑසන අවදිවීමට පුළුවන්. ඔබට තෙහෙට්ටුවක් දැනෙන එකක් නැහැ.

උදෑසන අවදිවීම ජීවිතයට පුරුදුකර ගතහොත් අනිවාර්යයෙන්ම එය ඔබේ දියුණුවට මහඟු අත්වැලක්වනවා නොඅනුමානයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles