සුවදායක නින්දක සහනය පුංචි සුරතලාට ලබා දෙන්න

නින්ද අපේ ජිවිතයට ඉතාමත්ම අත්‍යවශ්‍ය සාධකයක්. වැඩිහිටියන්ට පුංචි දරුවන්ට මේ කාටත්.නමුත් බොහොමයක් දෙමාපියන්ගේ චෝදනාවක් වන්නේ දරුවන් නින්දට අකමැතියි කියන එක.එය වඩාත්ම අවධානයට ගත යුතු කරුණක් වන්නේ දරුවන්ගේ වර්ධනයට නිරෝගී බවට නින්ද අත්‍යාවශ්‍යම සාධකයක් බැවින්.

නින්ද සහ කාර්යක්ෂමතාවය

සමික්ෂකයන් පවසන්නේ පුද්ගල ජිවිතයෙන් හතරෙන් එකක් වැය වන්නේ නින්දට බවයි. අවශ්‍ය නින්දේ ප්‍රමාණයද වයස් කාණ්ඩ අනුව වෙනස් වෙනවා.පැය 24ක කාලයකදී පැය 3 කට වඩා අඩුවෙන් යම් කෙනෙක් නිදා ගන්නේනම් ඔහුට හෝ ඇයට අවධානය යොමු කරගැනීමේ හැකියාව අඩුවන බව හා කේන්ති යාමේ ප්‍රවණතාවය වැඩි බවයි.

මේ තත්වය වඩාත් උග්‍රව පැවතුණොත් අපස්මාර තත්වය වැළඳීමේ ප්‍රවණතාවයක්ද පවතින බව සොයාගෙන තිබෙනවා.

නින්ද සහ සිහින

දරුවෙක් තද නින්දේ පසුවෙන්නේ සීග්‍ර අක්ෂි චලන අවස්ථාවේදියි.හීන පෙනෙන්නේ මේ අවස්තාවේදියි.මේ අවස්ථාවේදී දකින සිහින හොඳින් මතකයේ රැඳෙන බව පවසනවා.අක්ෂි චලන නොවන අවස්ථාවේදීත් සිහින පෙනෙන නමුත් ඒ සිහින මතකයේ රැඳෙන්නේ නැහැ .

නින්දේ අසාමාන්‍ය තත්ත්ව

දරුවෙකුට කායික,මානසික,පාරසරික හේතු නිසා නින්දේ අසමානතාවයන් ඇති වෙන්න පුළුවන්.වැඩිහිටියන්ට මෙන් නොව කුඩා දරුවන්ට ඇතිවන මේ තත්වය කෙටි කාලීනයි.

කායික හේතු

  • තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය
  • රක්තහීනතාවය
  • යම් යම් රෝග සඳහා භාවිතා කරන බෙහෙත්
  • රුධිරයේ සීනි මට්ටම නිතර වෙනස් වීම
  • වකුගඩු හා අක්මා ගත රෝග
  • දරුවන්ට ඇතිවන ඇතැම් මානසික රෝග

දවල්ට අධික නිදිමත සහ රාත්‍රී නින්ද නැතිකම

මෙය රෝග තත්වයක් වන අතර ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේ.නිදි සෞඛ්‍ය පිලිබඳ දෙමාපියන් දැනුවත් වීම මඟින් මේ තත්වය සමනය කරගත හැකිවනවා.

නින්දෙන් ඇවිදීම

මෙය ස්ලීප් වෝකින් ලෙස හඳුන්වනවා.මෙය කෙටි කාලින බැවින් ප්‍රතිකාර නොමැතිවද සුව වනවා.වයස 14 පමණ වන විට මේ තත්වය මඟ හැරී යනවා.

නින්දෙන් බය වීම

ඇතැම් දරුවන් නින්දෙන් බය වෙනවා.මෙය දරුවන් අතර සුලභව දැකිය හැකි තත්වයක්.නමුත් උදේ අවදි වූ පසුව ඔහුට කිසිවක් මතක නැහැ.මින් පීඩාකාරී තත්වයක් ඇති වන්නේ දරුවන්ට නොව මවුපියන්ට වන අතර මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.

මතකයේ තිබෙන අමිහිරි සිහින

මේ අවස්ථාවේදී සිදුවන්නේ දරුවාට භයානක සිහින පෙනීමයි.මේ සිහින අවදි වූ පසුත් මතක සිටිනවා.මෙය දරුවාට පීඩාකාරී තත්ත්වයක් ගෙන දෙනවා.එහෙයින් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

ඉතින් දරුවාගේ නින්ද ඔහුගේ ඇයගේ සමස්ත ජිවිතයටම බලපෑම් කරන බව දැන් ඔබ හොඳින්ම දන්නවා.ඉතින් ආදරය සමඟ සුව නින්දක් ඔහුට,ඇයට ලබාදෙන ආදරණිය අම්මා කෙනෙක් වෙන්න දැන් ඔබ උනන්දු වෙනු නිසැක බවට අපට විශ්වාසයි.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles