අලුත් අවුරුද්දේ නිවසට එන අමුත්තන්ට අලුත් සංග්‍රයක්

ඉදුණු කෙසෙල් වලින් රසවත් පානයක්

අවශ්‍ය ද්‍රව්‍ය: එක් අයෙකු සඳහා

  • ආනමාලු කෙසෙල් ගෙඩි 1
  • මී කිරි කෝප්ප 1
  • අයිස් කියුබ් 4
  • සීනි තේ හැඳි 3

මෙය බනානා ස්මුති කියා හඳුන්වනවා (Banana Smoothie)බනානා ස්මුති වඩාත් රසවත් වන්නේ ආනමාලු කෙසෙල් ගෙඩි වලින්ඒ වගේම තමා මී කිරිමතක තබා ගත යුතුම දෙයක් වන්නේ කලින් සකසා ශීතකරණයේ තබා පිළිගැන්වීම සුදුසු නොවන වගමී කිරි සොයා ගැනීමට අපහසු අවස්ථා වලදී යෝගට් මේ සඳහා එකතු කරගත හැකියි.

ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්නනිවැරදි පදම ගැනීම සඳහා කළ යුත්තේ අවශ්‍ය ප්‍රමාණය නිවැරදිව එක් කිරීම පමණයිසියල්ලම කැබලි ඉතිරි නොවන ලෙස බ්ලෙන්ඩ් කර ගැනීමට වග බලා ගන්න.

වෙරළු පානය

වෙරළු කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාමත්ම ඉහළ පළතුරක්හොඳට ඉදුණු වෙරළු වලින් හදන මේ පානය ඔබේ අමුත්තන් විශ්මයට පත් කරන බවට කිසිදු සැකයක් නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හොඳින් ඉදුණු වෙරළු ගෙඩි 15 පමණ
  • අයිස් කියුබ් 3
  • සිනි තේ හැඳි 3

වෙරළු හොඳින් සූරාගෙන ඇටය ඉවත් කරන්නසියල්ල බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නඅවශ්‍ය වුවහොත් පිළිගැන්වීමට පෙර පෙරහනයකින් පෙරා ගන්න.

කැමති නම් අයිස් ක්‍රීම් වැනි දෙයක් සමඟද පිළිගැන්වීමේ හැකියාව තියෙනවා.

ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුතු මේ පානයන් ඔබේ අමුත්තනට කරන වටිනා ආදරණිය සංග්‍රහයක් වනු නොඅනු මානයි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles