කටට රසට මාලුවෙක් බේක් කරමුද

එදිනෙදා ආහාර වේල රසවත්ම සේම කඩිනමින් පිළියෙළ කර ගැනීමට අපට හැකිනම් එය ඉතාමත් පහසුවක්. ඉතින් රසය ගුණය ආරක්ෂා කරගනිමින් අනවශ්‍ය ලෙස කාලය වැය නොකරමින් පිළියෙළ කරගත හැකි ආහාරයක් ගැනයි මේ කතාව ……….

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කිලෝ එකක ගල් මාළු කුරියෙක්
  • සුදු ළුණු බික් දෙකක් තුනක්
  • කරාබු නැටි දෙකක් තුනක්
  • කුරුඳු පවුඩර් තේ හැඳි 1/4
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  • කරාබු නැටි දෙකක් තුනක්
  • අමු මිරිස් කරල් දෙකක් තුනක්
  • සේර ටිකක්
  • ඉඟුරු කැබැල්ලක්
  • කරපිංචා ස්වල්පයක්
  • කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  • දෙහි ගෙඩියක ඇඹුල්
  • ලුණු ස්වල්පයක්
  • වතුර ටිකක්
  • තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය:

මාළු කුරියා පිටින් ගෙන වරල් ඉතිරි කර කරමලය සහ බඩ ඇතුලත බොකු සහ කොරපොතු ඉවත් කරන්න. මාළුවා හොඳින් සෝදන්න. තෙත මාත්තු කරන්න. ඉන්පසු ඇඟ කොටස වෙන් නොවන සේ හරස් හැඩයට කපන්න. මාළු හැර ඉහත ද්‍රව්‍ය සියල්ල වතුර ටිකක් දමා බ්ලෙන්ඩ් කරන්න. මිශ්‍රණය මාළු කුරියාට හොඳින් කා වැදෙන ලෙස මාළුවාගේ ඇතුළත සහ පිටත හොඳින් තවරන්න. එසේ තවරා ගත් පසු විනාඩි 20 පමණ තිබෙන්නට හරින්න. ඇලුමිනියම් ෆොයිල් කොලයක් තැටියට දමා මාළුවා උඩින් තබා ඒ මත තෙල් ටිකක් තවරා සෙන්ටිග්‍රේඩ් 100 හෝ 150 උෂ්ණත්වයට විනාඩි 20 බේක් කරන්න. වයින් වර්ගයක් තිබේ නම් වයිට් වයින් වලින් මෙන්ම රෙඩ් වයින් වලින් මේස හැඳි 2 උඩින් දමන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles