Facewash පාවිචිකරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම දැනගතයුතු දෑ මෙන්න

පාරතොටේ කුණු දුහුවිළි අධික බැවින් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝදෙනා අතර Facewash භාවිතය ඉතාමත් ජනප්‍රියයි. නමුත් මේ අයුරින් Facewash වලින් නිතරම මුහුණ සේදීම සමට එතරම් සුදුසු නොවන බව වෛද්‍ය මතයයි.

බොහෝ විට කාන්තා පාර්ශවය නිතරම මුහුණ සේදීම සම්බන්ධව විශාල උනන්දුවක්  දක්වනවා.  ඔවුන් මීට ඇබ්බැහි වෙලාද කියනවා නම් කාර්යාලවල රාජකාරී වෙලාව අතරතුරත් තුන් හතර වතාවක් මේ විදිහට විවිධ සේදුම් කාරක යොදාගෙන මුහුණ සෝදනවා.  සියලු දෙනාටම පිරිසුදුවට, ප්‍රසන්නව ඉන්න අවශ්‍ය යනවා මෙන්ම දිනකට වරක් දෙවරක් මුහුණ සේදීම ගැටලුවක් ඇති කරන්නේ නැත. Facewash බඳුන්වල දක්වා ඇති පරිදි දිනකට දෙවරක් පමණක් භාවිතා කිරීම සුදුසුයි. එලෙස උපදෙස් දක්වා තිබියදීත් නිතරම Facewash යොදා තෙල් ඉවත් කිරීමට මුහුණ සේදීම සෞඛ්‍ය අතින් එතරම් සුදුසු නොවේ.

ස්වභාවිකවම අප ශරීරයේ යම් තෙතමනයක් රඳා පවතිනවා. එසේම ඉන් යම් ප්‍රමාණයක් ස්වභාවිකවම වාෂ්ප වීමක් ද සිදු වෙනවා. එම වියළීම අවශ්‍ය ප්‍රමාණයට වඩා සිදු වුණොත් එමගින් සම වියළීමකට ලක් වනවා. ඒ නිසා සමේ ඇති තෙත මනය නිසි ලෙස ආරක්ෂා කර ගැනීම වැදගත්. එහිදී සමේ ඇති ස්නේහශ්‍රාවී ග්‍රන්ථි මගින් විශාල සහයෝගයක්  හිමි වෙනවා. මෙම ස්නේහශ්‍රාවී හෙවත් තෙල් ග්‍රන්ථිවලින් ඇති කරනු ලබන තෙල් සම මතුපිට තෙතමනය ආරක්ෂා කළත් අනවශ්‍ය ආකාරයට Facewash වැනි සේදුම් කාරක භාවිතා කර වැඩි වාර ගණනක් සේදීමෙන් එම තෙල් ස්වභාවය ඉවත් ව යා හැක. මෙය කලක් තුල දිගින් දිගටම සිදු වීමෙන් සම මතුපිට තෙල් ගතිය ඉවත් වී සම වියළීමට ලක්වීමට හැකියි. සම වියළීම තුලින් ඔබ අවලස්සන වන අතර සමේ නිරෝගී භාවය ද නැති වී ඔබව අපහසුතාවයට පත් කරනු ඇත.

මේ අනුව Facewash නිර්දේශිත වාර ගණන ඉක්මවා නිතරම මුහුණ සේදීමට භාවිතා කිරීම නම් එතරම් නුවණට හුරු වන්නේ නැහැ. එනිසා අනිවාර්යයෙන්ම නිසි උපදෙස් අනුව Facewash භාවිතා කිරීමට උත්සුකවන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles