සුන්දර කල්පිටි වෙරළ තීරය ගැන ඔබ මෙතෙක් නොදත් කරුණු…

සුන්දර කල්පිටිය වෙරළ තීරය බොහෝ දෙනාට තවමත් එතරම් හුරුපුරුදු නැත. මෙම මනස්කාන්ත වෙරළ තීරය පිහිටා ඇත්තේ, කොළඹ සිට කි.මී. 150ක් දුරකිනි. දෙස් විදෙස් සංචාරකයන් හට කල්පිටිය අර්ධද්වීපයේ දී දෙස්විදෙස් සංචාරකයන් ඇලුම් කරන ශ්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය, ඩොල්ෆින් මත්ස්‍යයන්, තල්මසුන් මෙන්ම දූපත් 16 ක්ද නැරඹිය හැකිය.

කල්පිටිය හා ඒ අවට දූපත්වල අතීතය විජය රජු මෙරට ගොඩ බසින ලද කාලයටත් වඩා ඈතට දිව යයි. කල්පිටියේ පුත්තලම් කලපුව ආශ්‍රිතව විවිධ ප්‍රමාණයේ දූපත් 32 ක් පමණ ඇත. මුහුදු තෘණ කඩොලාන ආදියෙන් ගැවසී ගත් මේ දූපත් මනරම් සෞන්දර්යයක් එක් කරයි. ජලජ පක්ෂීහු ද ඒ අසල බහුලය.

මෙම ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉතාමත් ඉහළයි. ලංකාවේ තිබෙන කඩොලාන 24 න් 15 ක් ම මේ ප්‍රදේශයේ දැකගත හැක. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන සාගර විද්‍යාඥයන් පවසන පරිදි මෙරට වැදගත්ම ඉහළම ජෛව විවිධත්වයෙන් යුත් කොරල් පරය ද පිහිටා ඇත්තේ ද මේ කල්පිටිය දූපත් ආශ්‍රිතව ය. එය බාර් පරය (Bar Reef) ලෙස හඳුන්වයි. විශාල ප්‍රදේශයක පැතිරිණු පැතලි වැලි පරයක් සහ බාර් පරය ලෙස හඳුන්වන වර්ග කිලෝමීටර් 40 ක් පමණ පැතිරුණු ප්‍රධාන කොරල් පදාසයන් දෙකක් ද වැලි සහිත ප්‍රදේශයක් ද මෙම බාර් පරයට ඇතුළත් වේ. මෙය ශ්‍රී ලංකාවේ කල්පිටිය අර්ධද්වීපයට බටහිරින් ඇති මුහුදු තීරයේ පිහිටා ඇත.

එය කරෙයිතිවු දූපත දක්වා විහිදී යයි. වර්ග කිලෝ මීටර් 308.7 පුරා කොරල් පරය පැතිරී යයි. එහි ප්‍රමාණය හෙක්ටයාර 30669.9 කි. කිලෝමීටර් 306ක් පමණ ප්‍රදේශයක පැතිර ඇති කල්පිටිය කොරල් පරය, කොරල් විශේෂ 122 කින් සමන්විත වේ. 1992 වර්ෂයේ එම කොරල් පරය පිහිටි මුහුදු ප්‍රදේශය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සමුද්‍ර අභය භූමියක් ලෙස ද නම් කෙරිණ. ඒ ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 400ක් පමණ ජීවත් වන බවට හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව අවට පිහිටි විශාලතම කොරල් පරය වන මෙහි ලොව දුර්ලභ කොරල් විශේෂ 150 ක් හා දුර්ලභ මත්ස්‍ය විශේෂ සමඟ කොරල් ආශි‍්‍රත මත්ස්‍ය විශේෂ 400 ක් තිබෙනවා. විශාල නිල් තල්මසා, මින්කි තල්මනා, කුරුමන්දා, තල්මසා, සන්නාලි මුල්ල, බෝතල් නගස් මුල්ලා, කබරමුල්ලා වැනි දුර්ලභ මුහුදු ක්ෂීරපායින් ද මේ කොරල් පරය ආශ්‍රිතව ඉන්නවා.

Bar Reef අවට මුහුදු තීරයේ ඩොල්ෆින් බහුලවේ. ජනවාරි මාසයේ සිට දහස් ගණනින් ඩොල්ෆින් මත්ස්‍යයන් කල්පිටි මුහුදට පැමිණෙන අතර, එය අප්‍රේල් මස අවසානය දක්වා සීමා වී තිබෙන්නේ එයින් පසු සයුර රළු වීම නිසාවෙනි. මේ ප්‍රදේශයේ දී මුහුදු සිංහයන් මුහුදු ඌරන් ද විරල සතුන් දකින්න පුළුවන්. පිලිපිඩියා නම් සීල් මත්ස්‍යයන්, සිටේයියා තල්මසුන්, සන්නාලි මුල්ලන්, බෝතල් නගස්මුල්ලා වොරලිස් ද සයිරේනිසා යන විරළ මුහුදු ක්ෂීරපායින් ද මේ ප්‍රදේශයේ ඉන්නවා. ලංකාවේ මේ සතුන් මෙතරම් දකින්න පුළුවන් කල්පිටිය ආශ්‍රිතව පමණයි. කබරමුල්ලා මෙරට වෙරළ කලාපවලට ආවේණික දුර්ලභ මුහුදු ක්ෂීරපායි විශේෂයෙක් වන අතර මෙරට කලපු ඇතුළතට එන එකම මුහුදු ක්ෂීරපායි විශේෂය වේ. කල්පිටියේ දූපත් ආශ්‍රිතව මේ සියලු සතුන් දැකීමට පුළුවන.

තවද ආලංකුඩා මුහුදු තීරය යනු මුහුදු සම්පත් වලින් බහුල ප්‍රදේශයක් වන අතර නොයෙක් වර්ගයේ කුරුළු වර්ග වලින් යුතු ගොඩබිම් තීරයක්ද අසළ දක්නට ලැබේ. ඩොල්ෆින් විශේෂ 4ක්ද, තල්මස් විශේෂ 5ක්ද මෙම ප්‍රදේශයේදී දක්නට ලැබෙන අතර, ඊට අමතරව ශ්‍රි ලංකාවේ මෙම ප්‍රදේශයේ පමණක් දක්නට ලැබෙන් විශේෂ ක්ෂිරපායී මුහුදු ජීවියකු වන ඩගොන්ස් සත්වයන් ද මෙහිදී දැක ගත හැක. ඊට අමතරව ස්වභාවික කොරල් පර, තැනිතලා මුහුදු වෙරළ, ලුණු ලේවායන්, සහ කඩොලාන වගුරු බිම්ද මෙම ප්‍රදේශයේ වේ.

නිවාඩු පාඩුවේ දිනයක කල්පිටියට යෑමෙන් මෙරට විශාලතම කොරල් පරය බැලීමටත් නිදහසේ මුහුදේ සුන්දරත්වය විඳීමටත් ඔබටත් හැකිය.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles