ලස්සන අත් ඔරලෝසුවක් තෝරා ගනිමු

කාන්තාවන්ට කෙතරම් නානාප්‍රකාර ආයිත්තම් තිබුණත් අත් ඔරලෝසු වලට ඇති තැන තවමත් අඩු වෙලා නැහැ. අත් ඔරලෝසුවක් තෝරා ගැනීමට පෙර මෙන්න මේ කරුණු පිළිබඳව අවධාකය යොමු කරන්න.

අත් ඔරලෝසු ප්‍රධාන වශයෙන් බ්‍රේස්ලට් වර්ගයේ ඔරලෝසු, පටි ආකාරයේ ඔරලෝසු සහ ක්‍රීඩා ඔරලෝසු ලෙස  හඳුවනා ගත හැකි අතර මෙම විවිධඔරලෝසු වර්ගය ගැලපෙනුයේ ඒ ඒ ස්ථාන සහ ඇඳුම් වලට පමණයි. නිදසුනක් ලෙස ක්‍රීඩා ඔරලෝසු කාර්යාලයට සුදුසු වන්නේ නැහැ. එනිසා ඔබ තෝරගන්න ඔරලෝසුව ඔ‍බේ දෛනික ජීවිතයට හොඳින් ගැලපිය යුතුයි.

ඔබට කාර්යාලයට යන්න මෙන්ම උත්සවයකට යන්නට රත්‍රං, රිදී සහ රෝස් ගෝල්ඩ් ආදී ලෝහමය නිමාවෙන් යුතු බ්‍රේස්ලට් වර්ගයේ ලෝහමය ඔරලෝසු වඩාත් සුදුසුයි. මෙම වර්ගයේ ඔරලෝසු වල පටි මළ නොබැ‍ඳෙන වානේ වර්ග වලින් සකසයි.  එසේමලෝහමය ඔරලෝසු දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නට හැකිය.

මීට අමතරව ඇඳුමේ වර්ණයට ගලපන්න අවශ්‍ය නම් වඩාත් ගැලපෙනුයේ “පටි සහිත ඔරලෝසු”ය. මේවා විවිධ වර්ණ අනුව ලබාගන්න පුළුවන්. දුඹුරු, කළු, අළු සහ මෙරූන් ආදී විවිධ වර්ණ වලින් සමහරක්. සමහර පටි සහිත ඔරලෝසු වල පටි හදල තියෙන්නෙ සැබෑ සත්ව සම් වලින්. නවීන පෙනුමක් ගන්නට අවශ්‍ය නම් ප්ලාස්ටික් පටි සහිත ‍ඔරලෝසු භාවිතා කල හැකියි.

“ක්‍රීඩා ඔරලෝසු” ඕනෑම පරිසර තත්වයකට සුදුසු ඔරලෝසු ලෙස සැලකේ. විරාම ඝටිකා වැනි ක්‍රීඩා සඳහා වන අංග අඩංගු මෙම ඔරලෝසු වතුර නොයන ආකාරයට (water resistant)  සකස් කර ඇත. ඔරලෝසුව යට සඳහන් කර ඇති ATM  අගය අනුව එය තීරණය වන අතර  පිහිනුම් තටාක වල කිමිදීමට හෝ වෙනත් අධි ගැඹුරු ස්ථානවල කිමීදීමට යොදා ගත හැකිය.

ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණයත් ඉතා වැදගත්. ඔබ තෝරන ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණය ඔබේ අතේ ප්‍රමාණයට ගැලපිය යුතුයි. විශාල අතක් ඇති අයකුට කුඩා මුහුණතක් සහිත ඔරලෝසු ගැලපෙන්නේ නැත.  ඔරලෝසු මුහුණත විවිධ හැඩ තල වලිනුත් ලබාගන්නත් පුළුවන්. තවත් වැදගත්ම කරුණක් වනුයේ ඔරලෝසුව අතට කොච්චර තද වෙන්ව ඕනිද කියන එක. ඔරලෝසුව බුරුලට එල්ලෙන විදියට බඳින්න එපා. අනවශ්‍ය ලෙස අත ඔරලෝසුවට තද වුව හොත් විවිධ රෝගාබාධ ඇති විය හැක.

නිෂ්පාදකයා සහ භාවිතා කර ඇති අමු ද්‍රව්‍ය අනුව අත් ඔරලෝසුවක මිළ වෙනස් විය හැක. අත් ඔරලෝසුවක් මිලදී ගැනීමේදී එහි මිල, නිමාව මෙන්ම වගකීමේ සහතිකය ගැනත් සැලකිලිමත් වන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles