විවාහය දෙදරා යන්න ආසන්න ද? පරිස්සම් වෙන්න ටිප්ස් 20ක් මෙන්න

විවාහ ජීවිතේට ඇතුළත් වුණ ඔබ දෙදෙනා ම එකිනෙකාගේ ජීවිත ගැන දෙදෙනාට ම විශාල වගකීමක් තියෙන බව හොඳින්ම දන්නවා. ඒත් කාලය ගතවන විට එකිනෙකා අතින් ඒ වගකීම් මඟහැරීයන්නට පටන් ගත්තොත් ඔබට නොදැනීම විවාහය දෙදරා යන්න ඒක හේතුවක් වේවි. මට නම් මේ ජීවිතේ දැන් ඇතිවෙලා තියෙන්නෙ, කිසිම නිදහසක් නැහැ, මොන කරදරයක් ද මේ ජීවිතේ… වැනි දරුණු සහ වේදනාකාරී සිතිවිලි නිතර නිතර හිතට එනවානම්, ඔබ දෙදෙනා ම වහා ම සැලකිලිමත් වෙලා මේ තත්වය වෙනස් කරගත යුතුමයි. බිරිඳක් හැටියට ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ දී මේ කරුණු අනිවාර්යයෙන් ම වැදගත් වේවි.

  1. හැම දිනක ම ආදරයෙන් එක්වන්න වෙලාවක් හදාගන්න. සෑම දිනක ම ඔබේ ආදරය ඔහුට නොසඟවා ප්‍රකාශ කරන්න.
  2. ඔහු ඔහු විදියට පිළිගන්න. ඔහුට ගරුකරන්න. අනික් පිරිමින් සමඟ සංසන්දනය කිරීමෙන් වළකින්න.
  3. ඔහුගේ හොඳ ගතිගුණ සිහිපත් කරන්න. වැරදීම්, අතපසුවීම් අමතක කරදමන්න. සුබවාදී වන්න.
  4. විවෘතව, අවංකව කතාකරන්න.
  5. ඔහුගේ හොඳ සවන්දෙන්නෙක් වෙන්න. මත ගැටුම් වෙනුවට එකඟවීම් හරහා ඔහු අවබෝධ කරගන්න.
  6. අනික් අය ඉදිරියේත්, පෞද්ගලිකවත් එකිනෙකා අගය කරන්න.
  7. තමන්ගේ සහකරු බලාපොරොත්තු වන විදියට ආදරය කරන්න. ඔහු ඔබෙන් අපේක්ෂා කරන ආදරය ඔහුට දෙන්න.
  8. ඔබේ නිරෝගිකම, පිරිසිදුකම මෙන් ම ශරීරයේ පෙනුම හොදින් පවත්වාගන්න. ප්‍රියමනාප බව දිගින් දිගටම පවත්වාගන්න.
  9. අවංක බව  නොකඩවා පවත්වාගන්න. විනිවිදභාවයෙන් කටයුතු කරන්න.
  10. එක්ව සහයෝගයෙන් කටයුතු කරන්න. ඔබේ වැඩකටයුතුවලට ඔහු හවුල්   කරගන්න.ඔහුගේ හොඳම මිතුරිය වෙන්න.
  11. විවාහයේ සීමාවන් හඳුනාගන්න. එහි ඇති වරප්‍රසාද වැඩිදියුණු කරගන්න. විවාහය ඔබේ ජීවිතයට ලබා දී ශක්තිය සහ රැකවරණයත්, ආලෝකයත් ප්‍රවේශම් කරගන්න.
  12. නම්‍යශීලී වෙන්න. හිතකර සංවාදවල යෙදෙන්න. ගැටුම් ඇතිවන ආකාරයේ අදහස් හුවමාරු කරගැනීමෙන් වළකින්න.
  13. අනවශ්‍ය සැකකිරීම්වලින් වළකින්න.
  14. ඔහුගේ ජීවිතයට අනවශ්‍ය බලපෑම් කිරීම නවත්වන්න.
  15. බලාපොරොත්තු, සිහින, අනාගත සැලසුම්, ජයගත යුතු අභියෝග එක්ව සැලසුම් කරන්න. මතගැටුම් ඇති නොවන අයුරින් අදහස් බෙදාගන්න.
  16. පැරණි වැරදි නැවත නැවත සිහිපත්කිරීම් වහාම නවත්වන්න.
  17. ලිංගික සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගන්න. යුගදිවියක ආලෝකය සහ සාර්ථකත්වයේ ලොකුම රහස ශක්තිමත් ලිංගික සම්බන්ධතා බව සිහිතබාගන්න.
  18. විනෝදයෙන් සහ විවේකීව කාලය ගත කළ හැකි සුන්දර ස්ථාන වෙත ගමන් බිමන් යොදාගන්න.
  19. මුදල්, දේපළ, නෑ හිතවතුන්, අසල්වැසියන්, පැරණි පෙම් සබඳතා, ඔබ දෙදෙනාගේ විවාහයට ගැටළු ඇතිකරන සාධකයක් වී ඇත්නම් වහාම එය හඳුනාගන්න. එම පරිබාහිර සාධක ඔබේ යුගදිවියට පරිබාහිරව ම තබාගෙන, එකිනෙකා අතර ඇතිකරගන්නා අවබෝධය ශක්තිමත් කරගනිමින් ඒවා එකින් එක විසඳාගන්න.
  20.  මේ සියලු ටිප්ස් අනුගමනය කළත් ඔබ දෙදෙනා අතර දවසින් දවස ඇතිවන දුරස්වීම් සහ මතගැටුම් වැඩි වෙනවානම් මානසික පීඩා විඳිමින්, තුන්වැනි පාර්ශවකරුවන් පවුලේ ප්‍රශ්නවලට හවුල් කරගනිමින් කාලය ගතකරන්න එපා. වහාම හොඳ උපදේශන සේවාවක සහාය ලබාගන්න.

 

 – නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles