2018 ට පවුලේ සැලසුමක් සකස්කර ගනිමුද ?

නව වසරක් සමඟ නව බලාපොරොත්තු ප්‍රාර්ථනා රැසක් අප හද තුළ ලැගුම් ගන්නවා. දළු දමනවා. ඒත් අලුත් අවුරුදු උණුසුම නිමාවත් සමඟම මේ ප්‍රාර්ථනාවන් මිලින වීමට නොදී එය සැබෑ ලෙසම අත්පත් කරගත හැකිවීමේ සැලැස්මක් ඔබ සතුනම් කොතරම් වටිනවාද ?ඒ වගේම පුද්ගලිකව ඔබට පමණක් නොව සමස්ත පවුලේම දියුණුව ආදරය ඉහළ නංවන සැලසුමකට අපි යොමු වෙමු නේද ?

  1. පොතක් පෑනක් අරගන්න.
  2. දුරකථනයට පැයක පමණ විවේකයක් දෙන්න.
  3. ගෙවුණු වසරේ ඔබේ සාර්ථක අසාර්ථක වීම් පිලිබඳ සටහන් තබාගන්න.
  4. සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයට හේතු සාධක කෙටියෙන් සටහන් කරන්න. එය නව වසරට සුදානම් වන ඔබට නව වසරේ සැලසුම් සාර්ථක කරගැනීමට උදව්වක් වනු ඇති.
  5. ගෙවුණු වසරේ ඔබට ඉටුකරගත නොහැකි වුණු දෑ මේ වසරටත් අදාළ නම් එය මුලින්ම සටහන් කරගන්න.
  6. පවුලේ අනෙක් සාමාජිකයන්ගේත් අදහස් ලබා ගන්න.
  7. අදාළ සැළසුම් ක්‍රියාත්මක කිරීමට කාල සටහනක් සහ නිමා කිරීමේ දිනයක් යොදාගන්න. ඒ සඳහා පවුලේ සියලුදෙනාගේම අදහස් විමසන්න.
  8. සැලැස්මේ පිටපතක් පොදුවේ සියලුදෙනාටම බලාගත හැකි ස්ථානයක අලවන්න.
  9. කොලයට පමණක් සීමා නොවී එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔබ වෙත පවරාගන්න.
  10. සහයෝගයෙන් පවුලේ සෙසු සාමාජිකයන්ගේත් සහාය ලබා ගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles