සුන්දර දෑසකට Eyelash extensions

දිගු ඇහි පිහාටු දෑසට ගෙනදෙන්නේ සුන්දරත්වයක්. සමහර කාන්තාවන්ගේ ඇහි පිහාටු පිහිටා ඇත්තේ නොපෙනෙන තරම් දිගින් අඩුව සහ සිහින්ව. දැන් ඔවුන්ට Eyelash extensions (කෘත්‍රීම ඇහි පිහාටු) නැතිනම් Artificial (False) Eyelashes භාවිතා කර ඇහි පිහාටු දිගින් වැඩි කර පෙන්වන්න පුලුවන්.

ස්වාභාවිකවම ඇහි පිහාටු අඩුවෙන් පිහිටන අය කෘත්‍රීම ඇහි පිහාටු සවි කරන්න උනන්දු වන නමුත් වර්තමානයේ බොහෝ තරුණියන් අයි ලෑෂස් භාවිතා කරනු ලබන්නේ විලාසිතාවක් ලෙසයි. ලංකාවේ බොහෝ විට විවාහ මංගල්‍ය වැනි විශේෂ උත්සව අවස්ථාවල දී පමණක් යොදාගත්ත ද  වෙනත් රටවල විශේෂයෙන්ම බටහිර තරුණියන් මෙන්ම ආසියා පැසිෆික් රටවල තරුණියන් ද පුරුද්දක් විදියට දෛනිකව කෘත්‍රීම ඇහි පිහාටු පළඳින්ට පුරුදුව තිබෙනවා. උඩු ඇසි පියවලට වගේම යටි ඇසි පියවලටත් පැළඳිය හැකි Eyelash extensions මෙන්ම විවිධ වර්ණ, ගල් වර්ග ඇල්ලූ ෆැන්ටසි වර්ගයේ අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් ද වෙළඳපළේ දක්නට ලැබෙනවා.

මේ අතුරින් කෘත්‍රීම කෙඳි වර්ගවලින් නිපදව කෘත්‍රීම ඇහි පිහාටු ඉතාම ජනප්‍රියයි. මෙම වර්ගය ඇසහි පියනට උඩින් අලවන්නට හැකි වන ලෙස නිෂ්පාදනය කර ඇත. සමට හානිකර නොවන මැලියම් වර්ග මෙම කෘත්‍රිම ඇහි පිහාටු ඇලවීමට භාවිතා කෙරේ. මෙහිදී මැලියම් ආලේප කරනුයේ ඇහි පිහාටු මත නොව අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් මතය.  ස්වාභාවික ඇහි පිහාටුවලින් සකසන ලද අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් ද වෙළඳපළේ දක්නට ලැබෙන අතර මිලෙන් අධික වේ.

විවිධ හැඩවලින් ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් වර්ග නිපද වන නිසා තම මුහුණේ හැඩය අනුව False Eyelashes තෝරගන්නට ඔබ කල්පණාකාරී විය යුතුයි. තම ඇස්වල ප්‍රමාණයට මෙන්ම මුහුණට ගැළපෙන්නේ කුමන හැඩයේ Eyelash extensions ද ගැනත් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා.

පිරිසිදු, උසස්ම තත්ත්වයේ Eyelash extensions ලබා ගැනීම තුලින් මේවා භාවිත‍යෙන් ඇති විය හැකි ආසාත්මිකතා මග හරවා ගත හැක. ඇහි පිහාටු කරකවනය (curler) භාවිතායෙන් සහ මස්කාරා භාවිතායෙන් ස්වාභාවික පෙනුමෙන් මෙන්ම තම මුහුණෙට ගැලපෙන නිවැරදි ප්‍රමාණයේ අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් පැළඳුව හොත් ඇස්වලට වගේම මුහුණටත් වැඩි ආකර්ෂණීය බවක් අනිවාර්යයෙන්ම එකතු කර ගත හැකියි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles