රෙදි සෝදන යන්ත්‍රයෙන් හරියට වැඩ ගන්නේ මෙහෙමයි

කරදරයක් නැතිව රෙදි සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍රය නැතුව ම බැරිය. අපේ රටේ ද රෙදි සෝදන යන්ත්‍ර බොහෝ නිවාස ගණනක භාවිත වන විදුලි උපකරණයකි. නිසි ලෙස භාවිතා නොකල හොත් රෙදි සෝදන යන්ත්‍රයේ කාර්යක්‍ෂමතාව අඩුවී යා හැකි අතර විදුලි පරිභෝජනය ද අධික විය හැක.

මෙනිසා රෙදි සෝදන යන්ත්‍ර භාවිතයේ දී විදුලි පරිභෝජනය අඩු කිරීමට මෙන්ම පහත රෙදි සෝදන යන්ත්‍රයේ කාර්යක්‍ෂමතාව වැඩි කර ගැනීමට පහත කරුණු කීපය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වනු ඇති.

  1. අනවශ්‍ය ලෙස වැඩි වාර ගණනක්‌ රෙදි සෝදන යන්ත්‍රය භාවිතා දින කිහිපයක රෙදි එකවර සේදීම යෝග්‍ය වේ.
  2. පාට ඉවත්වන රෙදි සහ මෘදු රෙදි වෙනම අන් රෙදි වලින් වෙන් කර සෝදන්න.
  3. රෙදි සෝදන යන්ත්‍රයේ සේදිය හැකි යැයි දක්වා ඇති බරට වඩා අධික බරකින් යුක්‌ත රෙදි ප්‍රමාණයක්‌ හෝ ඊට වඩා බෙහෙවින්ම අඩු බරකින් යුක්‌ත රෙදි ප්‍රමාණයක්‌ සේදීම යෝග්‍ය නොවේ. නියමිත බර ප්‍රමාණයට වැඩි රෙදි ප්‍රමාණයක්‌ සේදීමේ දී රෙදි නිසියාකාරව නොසේදෙන අතර ඉන් මෝටරය රත්වී හානි පැමිණිය හැකිය. මින් යන්ත්‍රයේ ආයු කාලය අඩු වී යා හැකිය.
  4. සෝදන රෙදි ප්‍රමාණය සඳහා අවශ්‍ය තරම් පමණක් ජලය යොදාගැනීමට සැලකිලිමත් වීම.
  5. සබන් කුඩු නිසි පමණ යෙදීම ද ඉතා වැදගත් සබන් කුඩු පමණට වඩා දැමීමෙන් රෙදි ඉක්‌මනින් දිරාපත් විය හැකි අතර අමතර සේදුම් කාලය රෙදි සෝදන යන්ත්‍රයට ද හානිදායකය. මේ සඳහා සබන් කුඩු දමා ඇති භාජනයට කුඩා හැන්දක් දමා භාවිතා කිරීම පහසුවේ.

රෙදි සේදීමේදී, ඉහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමෙන්, ඔබේ රෙදි සෝදන යන්ත්‍රයේ කාර්යක්ෂමතාවට මෙන් ම, කල් පවත්වා ගැනීමට ද හේතුවන අතර ඔබේ වටිනා කාලය හා ශ්‍රමය ද ඉතිරි කරගත හැකිය.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles