පාට පාට නැවුම් සීනි කුකීස් හදල බලමු

වෙළඳපලේ මේ දිනවල නොයෙක් ආකායේ කුකීස් දක්නට ලැබෙනවා. නමුත් මේවාගේ ප්‍රමිතිය ගැටලුවක්. පවුලේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඔබට පහසුවෙන් නිවසේදීම මෙම අලංකාර කුකීස් වර්ගය සකසා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් තේ හැඳි 8
  • සීනි කෝප්ප 1
  • පිටි කෝප්ප 1 1/2
  • බිත්තර 1
  • වැනිලා තේ හැඳි ½
  • මේස ලුණු ½
  • කැමති වර්ණයක ආහාර වර්ණක තේ හැඳි ½
  • කැමති වර්ණයක ස්ප්‍රින්කල්ස්

සාදන අයුරු:

තරමක් විශාල භාජනයකට බටර් සහ සීනි එක්කර ක්‍රීම් එකක් බවට පත්වන තුරු හොඳින් මිශ්‍ර කරගන්න. බිත්තර, වැනිලා සහ ලුණු ද එක්කර මිශ්‍ර ගන්න. දැන් පිටි ටික වරකට ස්වල්පය බැගින් එක් කර ගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න. අනාගත් කුකී මෝලිය සමාන කොටස් දෙකකට කපා ගන්න. කුකී මෝලියෙන් එක කොටසකට ආහාර වර්ණකය එකතු කරගන්න. ෆොයිල් පේපර් එකක් දමා ගත් කරන විශාල කටින් බෝර්ඩ් එකක, කුකී මෝලි දෙක අතුරා රෝලිං පින් එකකින් තුනී කර අඟල් 12×9 (30 x 22 සෙ.මී.) වන ලෙස සෘජුකෝණාස්‍ර දෙකක් සාදා ගන්න. වර්ණ ගැන්වූ සෘජුකෝණාස්‍ර කොටස ගෙන අනෙක් සාමාන්‍ය සෘජුකෝණස්‍රයේ තබන්න. ෆොයිල් පේපර් එක යොදාගෙන ස්විස් රෝල් සාදන ආකාරයට රෝල් කරගන්න. ස්ප්‍රින්කල්ස් තැටියකට දමා ගන්න. කුකී රෝල් එකේ පිටත සම්පූර්ණයෙන්ම ස්ප්‍රින්කල්ස් වලින් වසා ගන්න.  අඩුම තරමින් පැය 4 ක කාලයක්වත් ශීතකරණයේ තබන්න. අවන් එක උෂ්ණත්වය 375 ° F (190 ° C)ට රත් කර ගන්න. කුකී රෝල් එක අඟල්¼ පෙති වලට ඇනූ කපා තැටියකට දමා විනාඩි 8-10ක් බේක් කරගන්න.

මෙහි  දක්වා ඇති ප්‍රමාණය 16 දෙනෙකුට පමණ ප්‍රමාණවත්වේ. කෘත්‍රීම ආහාර වර්ණක භාවිතා කිරීමට අකමැති නම් කොකෝවා වැනි දෙයක් වූවත් එක් කරගත හැකියි. උත්සවයක් වර්ණවත් කර ගන්න කදිම ආහාරයක්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles