සලාද කොල වල ඇති ඔබ නොදන්නා ගුණ

වර්තමානයේ ආහාර සැකසීමේ දී නැතිව බැරි රසවත් එළවළුවක් වන සලාද කොළ (lettuce) අනාදිමත්කලක් පුරා ඖෂධයක් ලෙසත් භාවිතා කල බැව් ඔබ දැන සිටියා ද?

ප්‍රධාන වශයෙන් කොළ සහ රතු වර්ණ වන අතර විශේෂ වර්ණවත් විචිත්‍ර ප්‍රභේද ද ඇතිසලාද කොළ පළමුවෙන්ම පුරාතණ මිසර දෙශිකයන් වගා කරන ලද අතර ඔවුන් එම ශාකයේ බීජ මගින් තෙල් ලබා ගත් අතරම කොළ එළවළුවක් ලෙසද භාවිතා කළහ. සලාද ගස ග්‍රීක සහ රෝමානු ජාතිකයන් දක්වා පැතිරී ගිය අතර, 1900 න් පසුව සලාද කොළ පරිභෝජනය ලෝකය පුරා පැතිරුණි.

සලාද ශාකය ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ සලාද සෑදීමට වන අතර මේවා වියළා ද භාවිතා කල හැකිය. Caesar සලාද ආදී විවිධ සලාද සෑදීමට භාවිතා කරයි. සලාද කොළ තනිව හෝ වෙනත් පළා වර්ග, එළවලු, මස්, බීන් කර්ඩ්,  චීස්, හාල්මැස්සන් සහ බිත්තර සමග ද යොදා ගනී.  මස් ආහාර බඳුන්, සුප් සහ  සැන්දඩ්විචස් සැදීමේදී සහ දවටන සඳහාද භාවිතා කරන අතරම එහි කඳ කොටස් අමුවෙන් හෝ පිස ආහාරයට ගනී.

සලාද කොළ වල ජලය, ශක්තිය, ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්‍රේට්, ආහාර කෙඳි සහ සීනි අඩංගු වේ. එසේම කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්, ටියාමින්, ෆෝලේට්, විටමින් බී-6, සී, ඒ, ඊ සහ විටමින් කේ වැනි ඛනිජ සහ විටමින් වර්ග අඩංගු වේ. මෙම පෝෂකයන් එම සලාද ශාක ප්‍රභේයද මත රඳා පවති.

යුනානි ඖෂධ ක්‍රමයට අනුව සලාද කොළ සාම්ප්‍රදායිකව භාවිතා කෙරෙනුයේ නින්ද අඩු අය සඳහා නිද්‍රා ප්‍රේරකයක් ලෙසය. අධ්‍යයනය පෙන්වා දී ඇති පරිදි සලාද කොළ වල සැලකිය යුතු ලෙස ප්‍රති ඔක්සිකාරක අඩංගු වේ.  සලාද කොළ භාවිතයෙන් බොහෝ විට හෘද රෝග හා වෙනත් අන්තරායකාරී තත්වයන් ඇති කරන කොලෙස්ටරෝල් මට්ටම් අඩු කර ගත හැකිය. එමෙන්ම කාංසාව පාලනය කරන අතර සමහර පිළිකා වර්ග පාලනය කළ හැකිය.

මෙහි හිතකර ගුණ කෙතෙක් වූව ද, දුෂිත වූ සලාද ශාක පරිභෝජනයට ගැනීම මගින් බැක්ටීරියා, වයිරස් සහ පරපෝෂිතයන් පැතිරීම සිදු විය හැකිය. එනිසා පරිභෝජනයට පෙර සලාද කොල හොඳින් පිරිසිදු කිරීමට මෙන්ම බොහෝ කලක් ගබඩා කර නොතැබූ නැවුම් සලාද කොල ඔබේ ආහාර වේලට එක් කර ගන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles