මේ තරම්ම නැවුම් තීරණයක්?

මම අද තීරණය කරනවා. ඉන්පසු හෙට ක්‍රියාත්මක වෙනවා. හෙට හැම දෙයක්ම වෙනස් වෙලා. හෙට හැම දෙයක්ම අලුත්. හෙට ඔබගේ තීරණය පරණ වෙලා. මා තීරණය කරගත් නිමේශයට අදාළව ක්‍රියා කරන්නට නොහැකි වුණොත්, මටම වරදකාරී හැඟීමක්ද ඇති වෙනවා. ඉතින් මේ සියල්ලෙන් උගන්වන්නේ කුමක්ද? කල්තියා තීරණ ගැනීම නිසා වරදකාරී හැඟීමක් නිර්මාණය වන බවයි. එසේ වන්නේ ඇයි?

මා තීරණය කළ මම ක්‍රියාත්මක වන්නේ නැති නිසයි. එවිට මට වරදකාරී හැඟීමක් දැනෙයි. ඉතින් මා තීරණය කළ මම ක්‍රියාත්මක වෙනවා යයි සිතමු. ඒ උණත් එහිදී මං ප්‍රමාණවත් තරමින් ක්‍රියාත්මක වන්නට බැරි වෙනවා. ඉතින් එහිදී මම අනුගමනය කිරීමට බැඳී ඉන්නේ නිශ්ඵලවත්වය යි.

ඉතින් මා කියන්නේ මෙයයි. ඔබ ඔබවම කිසිදු තිරණයක බැඳ තබන්න එපා. එවිට ඔබ නිදහස් වේවි. එහිදී හැම රගනයක්ම ඔබ වෙතට එනවා. හැම මොහොතක්ම ඔබ වෙතට එනවා. ඔබගේ සමස්ථ භාවයට එය තීරණය කරන්නට ඉඩ හරින්න. එය එම මොහොත තුළ තීරණය කරන්නට ඉඩ හරින්න. කිසි විටෙකත් ක්‍රියාවට ඉස්සර වෙන්නට ඉඩ දෙන්න එපා. එසේ ඉඩ දුනහොත් සිදුවන්නේ කුමක්ද? කිසි විටෙක එම ක්‍රියාවට සමස්තය විය නොහැකි වෙයි.

ඔබ කල්තියා තීරණ ගන්න විට, ඔබ කල්පනා බුද්ධියෙන් තීන්දු ගත යුතු වනවා. එය තුළ කිසි විටෙකත් ඔබේ සමස්ත භාවය නැහැ. මන්ද යත් මොහොත පැමිණ නැහැ.

– ඉරේෂා –
උපුටා ගැනීම -මුනිවර පිළිසඳර
(පරිවර්තනය -අරවින්ද හෙට්ටිආරච්චි)

Related Articles

Don't Miss


Latest Articles