සෑම කාන්තාවකගේම ජංගම දුරකතනයේ තිබිය යුතු apps වර්ග 5 ක්

මොහොතින් මොහෙත තාක්ෂණය දියුණුවෙමින් පවතින මෙම යුගයේ දී, ලොව පුරා සම්බන්ධ වීමට, . සමාජ ජාලා වෙබ් අඩවි සඳහා පිවිසීමට පමණක් නොව එදිනෙදා විවිධ කටයුතු පහසු කර ගැනීමට ජංගම යෙදුම් හෙවත් Mobile apps යොදා ගැනීම ප්‍රචලිතව ඇත. පහත දැක්වෙන Mobile apps ඔබේ ජීවිතයට පහසුවක් එක් කරනු ඇත.

  1. ඔසප් කැලැන්ඩරය (Menstrual calendar apps) –  රැකියාව, අධ්‍යාපනය සහ තවත් බොහෝ දෛනික රාජකාරි හේතුවෙන් ඔසප් දිනයන් අමතක විය හැකිය. මෙනිසා Fertility Friend Mobile, Clue වැනි ඔබේ මාසික චක්‍රය නිරීක්ෂණය කිරීමට පහසුකම් සපයන බොහෝ Mobile apps තිබේ.
  2. සෞඛ්‍යය සත්කාර පිළිබඳ මොබයිල් ඇප් – ඔබ ඔබගේ ආහාර ගැනීමේ පුරුදු සටහන් කර ගැනීම සඳහා හෝ ඔබ පරිභෝජනය කරන කැලරි ගණනය කිරීමට අවශ්‍ය නම්, ඔබට MyFitnesPal, RunKeeper, Pact, Fitbit වැනි Healthcare apps   බාගත කර ගැනීමෙන් පහසුවෙන්ම සටහන් තබා ගත හැකිය.
  3. අයවැය (Budget) පිළිබඳ මොබයිල් ඇප් – පෞද්ගලික ගිණුම් වාර්තා පොතක් තැබීම, මූල්‍ය කළමණාකරණය, අයවැය සැලසුම් කිරීම ආදී සියල්ල එකට එක් කර ඇති හෙයින් භාවිතය ඉතා පහසු වේ.
  4. කාර්ය ලැයිස්තු (To-do list apps) – දිනපතා ඉටු කල යුතු කාර්යයන් දුසිම් ගනනක් මතක තබා ගැනීම පහසු නැත. බිත්ති කැලැන්ඩරය සහ පෑන-කඩදාසිය කළ යුතු දෑ ලැයිස්තුව සකසා ගැනීමට උපකාර විය හැකි නමුත් ඔබේ වැඩ සටහන් පහසුවෙන්ම සැලසුම් කිරීමට හොඳම ක්‍රමය නම් මෙවැනි ඇප් කිහිපයක් බාගත කර ගැනීමයි.
  5. Shopping apps – බොහෝ කාන්තාවන් සාප්පු සවාරි යෑමට කැමතියි. කාර්ය බහුල ඔබට Amazon වැනි apps මගින් අන්තර්ජාලය හරහා සාප්පු සවාරියේ යෙදීමට මෙන්ම පහසු මිලට භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකිය.

මෙවැනි Mobile apps භාවිතයෙන් ඔබේ ජීවිතයට පහසුවක් මෙන්ම වැඩි ඵලදායීතාවක් එක් කර දෙනවා නොඅනුමානයි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles