අධික රස්නය නිසා ඔබ පීඩාවෙන් ද?

මේ දවස්වල රට පුරාම දැඩි උෂ්ණාධික කාලගුණයක් නිසා ඔබත් පීඩාවෙන් ඇති. ලංකාව වගේ රටකට දැඩි හිරු රශ්මිය නුපුරුදු දෙයක් නොවුණත් අවුරුද්දේ සමහර කාලවල දැඩි උණුසුම දරන්න ටිකක් අපහසුයි.

මේ කාලයේ උණුසුම ගැන අවධානය වැඩියෙන්ම යොමු කරන්න ඕනෑ පිරිසක් ඉන්නවා.

1. ළදරුවන් හා කුඩා දරුවන්
2. වයෝවෘද්ධ පුද්ගලයන්
3. අධික ස්ථුල අය
4. කය වෙහෙසා රැකියා කරන හා ව්‍යායාම හෝ ක්‍රීඩා කරන්නන්
5. හෘද රෝග, අධි රුධිර පීඩනය ඇති අය

දැඩි උණුසුමට මුහුණ දෙන්නට ඔබ කළ යුතු දේවල්.

1. ලා පැහැති කපු ඇඳුම් ඇඳීම.
2. අව්වේ ගමන් කරන විට තොප්පියක් හෝ කුඩයක්, ප්‍රමිතියක් ඇති අව් කණ්නාඩි භාවිතය.
3. Sun cream (SPF අගය 30 ට වැඩි) භාවිතා කිරීම.
4. දවල් කාලයේ එළිමහනේ සිටින විට ඇඟ වැසෙන ඇඳුම් ඇඳීම.
5. දිනපතා ස්නානය කිරීම සහ දිනකට කිහිප වතාවක් ඇඟ සේදීම.
6. නිදා ගැනීමේදී ජල භාජනයක් විදුලි පංකාව අසලින් තැබීම.

ඒ වගේම මේ කාලයේදී ඔබ නිතරම ජලය හා පාන වර්ග පානය කළ යුතුයි. මේ විදියට සැලකිලිමත් ලෙස ජලය හා පාන වර්ග ලබා ගන්න අමතක කරන්න එපා.

1. පානය කරද්දී වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීම.
2. මුත්‍රා කරන වාරයක් පාසා වතුර බීම
3. අධික පැණිරස බීම සහ කෘත්‍රිම පාන වර්ගවලින් වැළකීම.
4. වැඩිපුර දහඩිය දමන වෙලාවට තැඹිලි , ජීවනී ආදිය පානය කිරීම.

රස්නය අධික කාලයක් කියන්නේ විවිධාකාර රෝග ඔබට ඇති විය හැකි කාලයක්. දහදිය බිබිලි, වමනය, අධික මහන්සිය, හිසරදය, කලන්තය ඇති වූ විට වෛද්‍ය උපදෙස් පතන්න අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles