මුවෙන් දුඟද හැමීම ගැන ඔබ කණගාටුවෙන් ද?

කට ගඳ ගැසීම නිසා ඔබ බොහෝ පීඩාවෙන් ද? කාන්තාවකගේ ස්මාට් බව හොඳටම අඩු කරන හේතුවක් හැටියටත් කට ගඳ ගැසීම හඳුන්වන්න පුලුවන්. ඔබ මොනතරම් ලස්සන වුණත්, ලස්සනට ඇඳුම් අඳින කෙනෙක් වුණත් මේ කාරණාව ඔබව සම්පූර්ණයෙන් පහතට ඇද දමාවි.

මේ කරදරයට ඔබව ලක් වීමට ප්‍රධානම හේතු මෙන්න මේවා වෙන්න පුලුවන්.

  • ආහාර පුරුදු – ඔබ හැම විටම ප්‍රෝටීන් වැඩි ආහාර වේලකට හුරු වී ඉන්නවා නම් ඔබේ මුව දුඟද වීමට එය හේතුවක් විය හැකියි. මේ ආහාර රටාව ඔබට පුරුදු වෙලානම් මින්ට් හෝ කරාබු නැටි සැපීමට පුරුදු වෙන්න. වැඩියෙන් වතුර බොන්න.
  • කෝපි බීම – කෝපි වලට මුවෙහි තෙත් බව අඩු කිරීමේ හැකියාවක් පවතිනවා.අන්න ඒ හේතුව නිසා මුඛයෙන් දුඟදක් නිකුත් වීමට හැකියි. ඔබේ කට ගඳ ගහන බව ඔබට තේරෙනවා නම් කෝපි බීම නවතා දමන්න.
  • මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය මුඛයෙන් දුඟදක් නිකුත් වීමට ප්‍රධානම හේතු ලෙස හඳුන්වන්න පුලුවන්. ඒ වගේම සැර ගඳක් ඇති ආහාර වර්ග භාවිතයත් මෙයට හේතුවක්. ළූණු, සුදු ළූණු අධික ආහාර අනුභවය නිසා ඔබේ මුඛයෙන් ගන්ධයක් නිකුත් වන බව ඔබට වැටහෙනවා නම් ඒ පුරුදුවලින් අත් මිදෙන්න.
  • මානසික ආතතිය ඇති හා ගෑස්ට්‍රයිටිස් රෝගය ඇති අය අතරත් මේ තත්ත්වය සුලබව දකින්නට පුලුවන්. ඔබ මේ රෝගවලට ලක් වූ අයෙක් නම් ඒවායින් මිදෙන්න උත්සාහ දරන්න.

මුවින් ගන්ධයක් නිකුත් වීම නවතින්නේ නැති නම්, ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමු වීම සුදුසුයි. සෙම් ගෙඩි, පෙනහලු රෝග, වීදුරුමස් රෝග ආදියේ බලපෑමත් මෙයට හේතුවක්. ඒ නිසා අනිවාර්යයෙන් වෛද්‍යවරයකු හමුවීමට කටයුතු කරන්න.

තදබල රෝගී තත්වයක් නැතිව සිරුරේ උෂ්ණාධික බව නිසා හෝ ඉහත හේතුන් නිසා ඔබ මේ තත්වයට මුහුණ දෙනවා නම් වහාම ඔබේ පැවතුම් වෙනස් කර ගන්න.

කාන්තාවකගේ පෞරුෂය සහමුලින්ම බිඳ වැටීමට, සමහරවිට පවුල් ජීවිතය පවා අවුල් වීමට, සමාජයෙන් කොන් වීමට මේ තත්වය හේතුවක්. ඒ නිසා ඉන් මිදීම ඔබ ඔබටම කරගන්නා උපකාරයක් බව අමතක කරන්න එපා.

– නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles