තේ, කෝපි විතරක් බොන අමුත්තන්ට ලේසියෙන්ම හදන්න පුලුවන් ඩ්‍රින්ක්ස්

නිවසට එන අමුත්තන්ට විවිධ පාන වර්ග ඔබම සකස් කර සංග්‍රහ කිරීමට ඔබ සතුටු ඇති. ඒත් සමහරු පළතුරු වලින් සකස් කරපු බීම, විවිධ රසැති බීම බොන්න ඒ තරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. වැඩි දෙනාගේ ඉල්ලීම එක්කෝ තේ.. නැත්තම් කෝපි..

ඉතින් මේ තේ, කෝපි පොඩි වෙනසකට ලක් කරලා අමුත්තන්ට පිළි ගන්වන්න ඔබට මේ රෙසිපි වලින් හැකියාව ලැබෙනවා.

මසාලා ටී 

අවශ්‍ය ද්‍රව්‍ය:

1. ගම්මිරිස් තේ හැඳි බාගයක්
2. කරදමුංගු
3. කරාබුනැටි
4. කුරුදු පොතු
5. වතුර 300ml
6. ඉගුරු කැබැල්ලක්
7. තේ කුඩු
8. සීනි
9. කිරි 300ml (ෆ්‍රෙෂ් මිල්ක් වඩා සුදුසුයි).

හදන්නේ මෙහෙමයි:

ගම්මිරිස්, කරදමුංගු, කරාබුනැටි, කුරුදු පොතු බ්ලෙන්ඩර් කර ගන්න. කුඩා බඳුනකට වතුර දමා ලිප තබන්න.. එයට ගා ගත් ඉගුරු එකතු කරගන්න. ඒ මිශ්‍රණය විනාඩි තුනක් හතරක් පැසෙන්නට හරින්න. ඉන්පසු තේ කුඩු හා සීනි අවශ්‍ය පමණට එකතු කරන්න. විනාඩි හතරකින් පසු කිරි එකතු කරන්න. බුබුලු දමනතුරු හැඳි ගාන්න. ඉන්පසු ලිපෙන් බා පෙරා පිළි ගන්වන්න.

අයිස් කොෆී

1. මිල්ක්මේඩ් පොඩි ටින් 1
2. කෝපි කුඩු
3. සීනි රස අනුව
4. චොක්ලට් පවුඩර් තේ හැදි 1
5. කරාබු නැටි කිහිපයක්
6. වැනිලා ටිකක්

හදන්නේ මෙහෙමයි:

මුලින්ම වතුර රත් කරගන්න. උණු වතුරට කෝපි,කරාබු නැටි දමා තැම්බෙන්නට තබන්න. එයට මිල්ක්මේඩ් ටින් එක එකතු කර කලවම් කරන්න.චොක්ලට් පවුඩර් එකතු කරන්න.සීනි රස අනුව එකතු කරන්න.අන්තිමට වැනිලා එක් කර හොඳින් කලවම් කර පෙරා ගන්න. ශීතකරණයේ තබා හෝ අයිස් කැට දමා පිළිගන්වන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles