ගෙදර පුටුවක් තියෙනවනම් බඩ ගැන බයවෙන්න එපා

  • පුටුව ගෙන නිදහස් ස්ථානයක තබන්න. දැන් එහි කොන්ද ඍජුව තබා ගෙන වාඩි වන්න. දකුණු කකුල දණහිසින් නවා දණහිස පපුවට සමීප වන ලෙසටම ගන්න.
  • වම් කකුලද මෙලෙසම චලනය කරන්න. වාර පහළවක් පමණ එක කකුලකින් මේ ව්‍යායාමය ලබා ගන්න.
  • දැන් තත්පර කිහිපයක සුළු විවේකයක් ගන්න. සෑම අලුත් වාරයකට යාමට පෙර මතක ඇතිව සුළු විවේකයක් ලබා ගන්න.
  • දැන් නැවතත් පෙර ලෙසම කොන්ද කෙලින් තබාගෙන වාඩිවෙන්න.
  • මෙවර කකුල් දෙකම එකවර ඔසවන්න. මෙලෙස වාර පහළවක් පමණ සිදු කරන්න.
  • සුළු විවේකයකින් පසු නැවත කකුල් ආනතව දෙපසට චලනය කරන්න. එම වාරයෙන් පසු නැවත කෙටි විවේකයක් ලබා ගන්න.
  • දැන් වම් අතින් දකුණු කකුලේ ඉහල ඇගිලි අල්වන්න. වාර පහලවකට පසු දකුණු අතින් වම් කකුලේ ඇගිලි අල්වන්න.
  • නැවත තත්පර කිහිපයක කෙටි විවෙකයකට යන්න.
  • පුටුවේ ඇඳි දෙකට හොදින් බරවී. කකුල් දෙක ඔසවා පුටුව මතට ගන්න. සෙමින් නැවත පහතින් තබන්න. වාර පහළවක් පමණ කරන්න.

මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම මතකයේ තියාගන්න..

  • ඔබ කිසියම් රෝගියෙකු නම් වෛද්‍ය උපදෙස් වලින් තොරව මෙම ව්‍යායාම් වල නොදෙන්න.
  • ආහාර ගැනීමෙන් අවම පැයකටපමණ පසු ව්‍යායාම් අරඹන්න.
  • උදෑසන වරුව මේ සදහා තෝරාගන්නට පුළුවන් නම් වඩාත් සුදුසුයි.
  • ව්‍යායාම් ආරම්භ කිරීමට පෙර හොදින් කිහිපවරක් හුස්ම ඉහල පහල දමන්න.
  • නිතරම සමාන රිද්මයකට චලනය වන්න.
  • පසුබිමින් ඔබ ප්‍රිය කරන සංගීතයක් වාදනය කරන්න.
  • සමහර කොටස් දරුවා සමගද කල හැකි ඒවා බැවින් ව්‍යායාම් නොකිරීමට හේතු සාධක දරුවාගේ ගිණුමට බැර නොකරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles