කෝපි වලින් ගත හැකි ඔබ නොදත් ප්‍රයොජන..

එදිනෙදා භාවිතා කරන පාන වර්ග අතර කෝපි වලට හිමි වන්නේ ඉහළ තැනක්. විවිධාකාර කෝපි පානයන් හදන හැටි ගැන ඔබට ඉහළ දැනුමක් ඇති. නමුත් කෝපි පානය කිරීමට අමතරව භාවිතා කළ හැකි අවස්ථා ගැන ඔබ දන්නවා ද?

  • හිස කෙස් වල දීප්තිය ඇති කිරීම සඳහා- කෝපි කුඩු කර තලපයක් සාදා හිස් කෙස්වල ආලේප කර මිනිත්තු කිහිපයක් තබන්න. ඉන්පසු හොඳින් සෝදා හරින්න. මෙය ඔබේ හිසකෙස් වල වියළි ගතිය නැති කිරීමට, හිස කෙස් වර්ධනයට හා කෙස් හැලී යාම වැළකීමටා ඉතාම වැදගත්.
  • ළූණු භාවිතා කිරීමෙන් පසු දෑත් වල ඇති වන දුර්ගන්ධය නැති කිරීම – ළූනු කැපීම හා සුද්ධ කිරීමට බොහෝ ගෘහනියන් මැලි වන්නේ ඉන්පසු දෑත් වලින් හමන දුර්ගන්ධය නිසා. ඔබ ළූණු කැපීමෙන් පසු කෝපි කුඩු ටිකක් දෑතේ අතුල්ලා දෑත් සෝදා හරින්න. අප්‍රසන්න දුර්ගන්ධය පහව යාවී.
  • මුහුණේ රැලි වැටීම අඩු කිරීමට යොදන face mask එකක් වශයෙන්. – ඔබේ මුහුණේ ඇති රැලි ඉවත් කිරීමට රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස කෝපි භාවිතා කළ හැකියි. කෝපි කුඩු මේස හැඳි දෙකක් හා බේකින් සෝඩා තේ හැන්දක් යොදා පැක් එකක් සාදාගෙන මුහුණේ ආලේප කර විනාඩි විස්සකට පසු සෝදා හරින්න. මුහුණ රැලි වැටීමට මෙය ඉතා හොඳ ප්‍රතිකාරයක්.
  • කලවා වල අනවශ්‍ය මේදය ඉවත් කිරීමේ ප්‍රතිකාරයක් ලෙස- පොල් තෙල් ටිකකට කෝපි කුඩු මිශ්‍ර කර කලවා මත ආලේප කරන්න. වෘත්තාකාර ලෙස මසාජ් කරන්න. කලවා වල මේදය ඉවත් කිරීමට මේ ප්‍රතිකාරය මඟින් හැකියි.
  • මුහුණේ රුධිර ගමනාගමය පහසු කරන සත්කාරයක්- කෝපි ඇට මිශ්‍ර කර අයිස් කැට සාදා ගන්න. මේවා මඟින් මුහුණට මසාජ් එකක් ලබා දෙන්න. මුහුණේ ලේ ගමනාගමනය ක්‍රමවත් කරන්නට මෙය පිටුවහලක්.
  • නිවසේදීම සමට සත්කාර කිරීම- වැක්ස් ටිකක්, ආමන්ඩ් ඔයිල් හා තවත් ඕනෑම තෙල් වර්ගයක් උණු කෝපි කෝප්පයකට මිශ්‍ර කර ගන්න. එය සිරුරේ ආලේප කරන්න. මෙය සම පැහැපත් හා දීප්තිමත් කරන ආලේපයක්.
  • ඇස් වටා ඇති අඳුරු පැහැය හා ඉදිමුම ඉවත් කිරීම – කෝපි කුඩු ශීතකරණයේ තබා ශීත කර ගන්න. ඇස් වටා ආලේප කරන්න. විනාඩි විස්සකට පසු සෝදා හරින්න.
  • මුහුණේ පැහැපත් බව වැඩි කරන ස්ක්‍රබ් එකක් සාදා ගැනීම – යෝගට් ටිකක් සමඟ කෝපි කුඩු මිශ්‍ර කරගන්න. මුහුණේ හොඳින් ආලේප කරන්න. මෙය නිතර කිරීමෙන් ඔබට දීප්තිමත් හා පැහැපත් වතක් ලබා ගත හැකියි.
  • දෙපතුල් සත්කාරයක් ලෙස- දෙපාවල රලු බව නැති කිරීමට පොල් තෙල් සමඟ කෝපි කුඩු මිශ්‍ර කර ආලේප කරන්න.
  • සුනඛයන්ගේ කිනිතුලු මර්දනය – ඔබේ සුරතල් සුනඛයා කිනිතුලු උවදුරෙන් පීඩා විදී නම් නෑවීමෙන් පසු කෝපි කුඩු සිරුරේ ආලේප කරන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles