කාන්තාවන්ට අත්‍යාවශ්‍යම පෝෂ්‍යපදාර්ථ 6ක්

පොදුවේ සෑම දෙනාටම අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ තිබෙනවා. නමුත් වයස, රෝගී තත්ත්වයන් වගේම ස්ත්‍රී පුරුෂ භාවය අනුවත් සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට විෂේශ පෝෂ්‍යපදාර්ථ අවශ්‍ය වෙනවා. අපි අද කථාකරන්නේ කාන්තා ඔබේ සෞඛ්‍ය වර්ධනයට අත්‍යාවශ්‍යම පෝෂ්‍යපදාර්ථ ගැන.

Vitamin B6

මනෝභාවයන් වෙනස්වීම, නින්ද සහ කෑම රුචිය පාලනය කරයි. නිවුඩු සහල්, පිස්ටාෂියෝ සහ ටූනා (කෙලවල්ලා) මාළු නිතර කෑමෙන් වැඩියෙන් ගුණදේවි.

Vitamin B12

ඔබ නිතර තෙහෙට්ටුවට, විඩාවට පත්වෙනවා නම්  මෙම පෝෂ්‍යපදාර්ථය  පරීක්ෂාකාරී බව සහ අවධානය පවත්වාගෙන යාමට උපකාරී වේ. ඉස්සන්, කකුළුවන්, කිරි ආශ්‍රිත නිශ්පාදන, බිත්තර සහ ටෝෆු වැනි සෝයා ආශ්‍රිත නිෂ්පාදන වලින් මෙම පෝෂණ අවශ්‍යතාව සපුරාගත හැකියි.

Folate

මූලික ගර්භනී අවස්ථාවේදී මොළ‍යට සහ ක‍ශේරුකාවට ඇති විය හැකි බලපෑම අවමකරන අතර බඩවැල් හා පියයුරු පිළිකා අවම කරයි.  බිත්තර, බෝංචි, සෝයා සහ ධාන්‍යවල මෙය වැඩිපුර අඩංගුයි.

Vitamin D3

අස්ථි, මස්පිඬු, සහ දත් සවිමත් කරයි. Osteoporosis සෑදීමේ අවධානම අවම කරයි. කරුළෑ ඇතිවීම වළකයි. ඩිම්බ කෝෂ හා පියයුරැ පිළිකා ඇතිවීම හීන කරන අතර Autoimmune රෝග වලට ඇති ඉඩකඩ අසුරයි. මෝරතෙල්, බිම්මල්, බිත්තර කහමද, කිරි, චීස්, කිවි පලතුර මෙම පෝෂණ අවශ්‍යතාවය ඉටුකරදෙයි

කැල්සියම් (Calcium)

PMS (ඔසප්වීමට ආසන්න සහලක්ෂණය) සහ රුධිර පීඩනය පාලනය කරයි. කිරි, ධාන්‍ය, බ්ලූ බෙරි, චීස්, ලීක්ස්, ආමන්ඩ්, අලිගැටපේර කැල්සියම් වලින් අනූන ආහාර වේ.

යකඩ (Iron)

නිවිති, ධාන්‍ය, අල, කඩල, රටඉඳි සහ රටකජු මෙම පෝෂණ අවශ්‍යතාව සම්බූර්ණ කරන්න කදිමයි. මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට, ශක්ති මට්ටම පවත්වාගෙන යාමට වගේම ලේ හිඟකම මැඩපවත්වන්න උපකාරී වේ.

මතක ඇතිව මෙම පෝෂණ අවශ්‍යතා බෙහෙත් වලිවන් නැතිව ආහාරවලින්ම සපුරගන්න වගබලාගන්න.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles