හදවත නීරෝගී කරගන්න කැමති නම් ඔබ ආහරයට එක්කර ගතයුතුම එළවළුවක්

එළවලු අතර රත් පැහැයෙන් දිලෙන බීට් රූට් කන්න අකමැති අය නම් හරිම අඩුයි. සලාද ලෙස, වෑංජනයක් ලෙස මෙන්ම පානයක් ලෙසත් ඕනෑම ආකාරයකට සකස් කරගැනීමේ හැකියාවෙන් යුතු මේ විශ්මිත එළවලුව ඇමරිකාව වැනි දියුණු රටවල ක්‍රීඩකයන් ශක්තිජනක පානයක් ලෙසද ලබා ගන්නවා. ඉතින් අපි බලමු, අපේ ලඟම එළවලු කඩයෙන් පහසුවෙන් මිලදී ගන්නට හැකි බීට් රූට් වල රුව, ගුණ, වරුණ…

විටමින් සී, මැග්නීසියම්, කැල්සියම්, තන්තු, ෆෝලික් අම්ලය, පොස්පරස්, බීටා, පොටෑසියම්, යකඩ, ඇතුලු පෝෂක ද්‍රව්‍ය රැසකින් බීට් රූට් පොහොසත්.

මේ මගින් හර්ද තන්තුක වාහිනී ආබාධයත්, හදවතට රුධිරය ගෙන යන වාහිනී අවහිර කිරීමත් වළක්වන බව වෛද්‍ය මතයයි. බීට් ආහාරයට ගැනීමෙන් හදවත ශක්තිමත් වන අතර සිරුර ප්‍රබෝධමත් වනවා. දිනපතා උදෑසන බීට් රූට් යුෂ වීදුරුවක් පානය කරන්නේ නම් සිරුර සහ හදවත විඩාවට පත්වීම වැළැක්වීමට එහි අඩංගු නයිට්‍රේට් සමත් වෙනවා.

බීට් රූට් වල යකඩ තිබෙන නිසා එමගින් සිරුරේ රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වඩාත් ශක්තිමත් කරවනවා. මේ නිසාවෙන් රුධිරගත ප්‍රෝටීන ප්‍රතිශතයද ඉහල යනවා. නීරක්තිය සෑදීම වළක්වනවා.

සිරුරට ලබා ගත් ආහාර මනා ලෙස දිරවීමට බීට් රූට් බෙහෙවින්ම වැදගත් කාර්‍යයක් ඉටුකරනවා. ඔක්කාරය සහ වමනය වැනි තත්ව හට ගන්නේ නැහැ. ආහාර මාර්ගයේ විෂ වායු ඉවත් කර ජීර්ණය නිසි පරිදි සිදුකරවීමට සමත්.

යුෂ ලෙස හෝ ආහාර ලෙස ගැනීමෙන් නිරෝගීමත් වකුගඩුවක් සහ මුත්‍රාශයකට හිමිකම් කියන්නට පුලුවනි. සියලුම අසාත්මිකතා මෙන්ම ශරීරයේ ඇති විෂ නසා දැමීමට ද උපකාර වනවා.

සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනයට කරනවා. ගැබිනි කාන්තාවන්ට ඉතාමත්ම ගුණ දායක ආහාරයක් ලෙස හඳුන්වන්නට පුලුවන්. කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම පාලනය කිරීමේ හැකියාවෙන් යුතුයි.

සිරුරේ පිළිකා සෛල වර්ධනය වළක්වනවා.

මෙහි අඩංගු කැල්සියම් සහ පොස්පරස් මගින් ළදරුවන්ගේ දත් සහ අස්ථි ශක්තිමත් වෙනවා.

බීට් රූට් යුෂ මගින් මොළයේ සෛල වඩාත්ම ශක්තිමත් කොට බුද්ධි වර්ධනය උදෙසා මහත් බලපෑමක් කරනවා.

ළදරු සිරුරේ ප්‍රදාහයන් වළක්වන අතර කැරොටිනයිඩ සහ බීටා කැරොටිනයිඩ මගින් ඇස්වල පෙනීම දියුණු වෙනවා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles