පාරිභෝගික සේවා අධිකාරිය ගැන දැනගමු

නිවසේ ගෘහනිය ලෙස සාමාන්‍යයෙන් කාන්තාවකට දරන්නට වෙන වගකීම අතිමහත්. ඉන් ප්‍රධානතම කාර්යයන් අතරින් එකක් වන්නේ නිවසට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට සිදුවීම. ඔබ ගෙවන මිලට ගැලපෙන මිලකින් යුතු දෑ මිලදී ගැනීම ඇත්තටම එක්තරා අභියෝගයක්. නමුත් පාරිභෝගිකයෙකු ලෙස නිසි ප්‍රමිතියකින් යුතුව කිසියම් භාණ්ඩයක් මිලදීගැනීමේ ඔබේ අයිතිය පිලිබඳවමනාව ඔබ දැනුවත් වියයුතුම වෙනවා.

ඔබ ලබාගත් භාණ්ඩයක් පිලිබඳ ගැටලුවක් ඇත්නම් පළමුව එය මිලදී ගත් ආයතනය වෙතින් සුහදව එය විසඳා ගැනීමට පළමුව උත්සාහ කරන්න. ඒ සඳහා ඔවුනගෙන් සහයෝගයක් නොලැබෙන්නේ නම් හෝ ඔබට සාධාරණයක් ඉටු නොවන්නේ නම් පාරිභෝගික සේවා අධිකරණයේ සේවය ලබා ගන්නට පුලුවනි.

පාරිභෝගික පැමිණිලි සඳහා ලබා ගත හැකි පිලියම් වන්නේ භාණ්ඩය මාරුකර ගැනීම සහ මුදල් ආපසු ලබා ගැනීමයි. මෙම පිළියම් වලින් සෑහීමකට පත් වන්නේ නැත්නම් පැමිණිලි කිරීම කලහැකි වේ.

පාරිභෝගිකයෙකුලෙස ඔබට ඇති අයිතිවාසිකම් මොනවාද ?

  • සෞඛ්‍යට සහ ජන ජීවිතයට හානිකර භාණ්ඩ සහ සේවාවන්ගෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය නිවැරදි තෝරා ගැනීමක් සඳහා මග පෙන්වන තොරතුරු විමසීමට සහ ලබා ගැනීමට ඇති අයිතිය.
  • ගුණාත්මක බවින් යුතු භාණ්ඩ සහ සේවා තෝරා ගැනීමට ඇති අයිතිය පාරිභෝගිකයන්ට අදාල වන නීති ප්‍රතිපත්ති සැකසීමේදී ඔබගේද අදහස් දැක්වීමේ අයිතිය ගුණාත්මක බවින් තොර භාණ්ඩ සහ සේවාවන් නිසා සිදුවන හානියට අදාළ ආයතනවලට එරෙහිව වන්දි හෝ සහන ලබා ගැනීමට ඇති අයිතිය.
  • සුවදායක පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය.

දැනුවත් විය යුතු නීති රීති

  • භාණ්ඩ විකිණීමේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්‍යය වේ.
  • භාණ්ඩවල ලකුණුකල මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම වරදකි.
  • පාරිභෝගිකයන් ඉල්ලා සිටින විටදී මිලදී ගන්නා භාණ්ඩ සඳහා සවිස්තරාත්මක බිල් පතක් ලබා දීම අනිවාර්‍ය වෙනවා.
  • තම සන්තකයේ ප්‍රදර්ශනය කරන භාණ්ඩ විකිනීම ප්‍රතික්ශේප නොකලයුතු වෙනවා.
  • පාරිභෝගිකයා නොමග යවන අලෙවි උපක්‍රම භාවිතා නොකල යුතුවේ.
  • නියම කරන ලද උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් මිල නියම කිරීම කලයුතු නොවේ.
  • සෞඛ්‍ය සේවා සපයන විට රෝගීන්ට විස්තරාත්මක බිල්පත් නිකුත් කලයුතු වේ.
  • බහාලුම් ඒකකයන් මත උපරිම සිල්ලර මිල, කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදකයාගේ සහ ආනනයන කරුවන්ගේ නම, ලියාපදිංචි අංකය, වෙලඳනාමය ආදිය සටහන් කලයුතුයි.
  • සියලුම විදුලි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙනුවෙන් මාස හයක අවම වගකීම් කාලයක් ලබා දිය යුතු අතර භාෂා තුනෙන්ම කොන්දේසි සටහන් කලයුතු වේ.

පැමිණිලි1977 ක්ෂණික දුරකතන අoකය ඔස්සේ ඉදිරිපත් කිරීමට පුලුවන්.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles