පුන්චි පැටවු ලෙඩ කරන නිවසේ සිදුවන වායු දූෂණය

අද නවීකරණය සමග යාවුනු පරිසර දූෂණය කියන්නෙ මිනිසාගේ නිරෝගී දිවියට විශාල තර්ජනයක්. මෙය විශාල තර්ජනයක් වන්නේ විවිධ රෝගාබාධ රැසක් ඒ නිසාවෙන් වැළඳෙන නිසාවෙන් මෙන්ම කුඩා දරුවන්ට බෙහෙවින් හානිකර තත්වයක් ඇතිකරනවා. අවට පරිසරයේ වායු දූෂණය ගැන අප බොහෝ සෙයින් කරදර වුවත් අපගේම නිවසේ වායු දූෂණය ගැන අප කොපමණ දැනුවත් ද ? මේ කතා බහ අන්න ඒ ගැනයි.

  • ගෘහස්ථ වායු දූෂණයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කුඩා දරුවන් සහ රෝගී වැඩිහිටියන්. ඒ ඔවුන්ගේ පෙනහලු ශක්තිමත් නැති නිසා සහ වැඩි වෙලාවක් නිවසේ රැඳී සිටින නිසා. කුඩා දරුවන් වේගයෙන් වර්ධනය වනවා. පරිවුර්තීය ක්‍රියාවන් වැඩි නිසා අවශෝෂනය කරගන්නා ඔක්සිජන් ප්‍රමානය වැඩිහිටියන්ට වඩා වැඩියි. එම නිසා වායු දූෂණය ඔවුනට වැඩිපුර බලපානවා.
  • ඒ වගේම කුඩා දරුවන්ගේ ශ්වසන නාල වැඩිහිටියන්ට සාපේක්ෂව කුඩායි. එම නිසා ආසාදන ඇතිවීම් නිසා ඉදිමීමට වගේම විවිධ රෝග තත්වයන් බෝ වීමේ හැකියාව සුලබයි. වාතය දූෂණය වන්නේ කොහොමද ?
  • මූලිකවම ආහාර පිසීම සඳහා යොදා ගන්නා ගෑස් මෙන්ම ලී කුඩු, දර, භූමිතෙල් වැනි ද්‍රව්‍ය නිසා වායු දූෂණය සිදුවනවා. මේවා දහනයේදී පිටවෙන්නේ කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ්, පොලිසයික්ලික් ඇරොමැටික් හයිඩ්‍රොකාබන් මිශ්‍ර දුම්. මේවා ශ්වසන මාර්ගයට ඉතා අහිතකරයි. කුඩා දරුවන් වැඩියෙන් මේවාට නිරාවරණය වන්නේ ඔවුන් නිතරම මව සමග සිටින නිසායි. මේ නිසා ආහාර පිසිමේදී ඇතිවන දුම ඉතාමත්ම ඉක්මනින් නිවසින් පිට කිරීම සඳහා කවුලු තිබිය යුතුමයි.
  • එසේම නිවසේ කිසිවෙකු දුම් පානයේ යෙදී සිටින්නේ නම් විෂ වායූන් රැසක් නිවස තුල රැඳෙනවා. එය දරුවනට මාරාන්තික විය හැකියි.
  • මීට අමතරව දල්වන ඉටිපන්දම්, හඳුන්කූරු, මදුරු දඟර වලින් පිටවන අංශු මගින් නිවස ඇතුලත වාතය දූෂණය වනවා.
  • වායු දූෂණය නිසා පපුවේ හිර කිරිම, හුස්ම ගැනීමේ අපහසුතාවය, ඇස් වල අසාත්මිකතා, ශ්වසන මාර්ගයේ අසාත්මිකතා, නියුමෝනියාව, ඇදුම, වැනි තත්ව උග්‍ර වීමට ඉඩ තිබෙනවා.
  • කාලයක් පුරා මේ දූෂිත දුම් වලට නිරාවරණය වීමෙන් පෙණහලු වර්ධනය වීම අඩු වෙනවා. පෙණහලුවල ක්‍රියාකාරීත්වය අඩුවෙනවා.එය මාරාන්තික විය හැකියි.
  • ඒ වගේම නිවසේ ඇති කරන සුරතල් සතුන්ගේ ලෝම සහ මලපහද, කැරපොත්තන්ගේ කොටස් සහ මල පහද, දිලීර ආදියද වායු දූෂණයට කෙලින්ම බලපානවා.
  • මෝර්ටීන් වැනි කෘමි නාශක ඉසීමේන්ද මෙම තත්වය වැඩි වෙනවා. ඒ වගේම නිවසේ පිරිසුදු කිරීම් ද්‍රාවණ, පොලිෂ් වර්ග, තීන්ත වර්ග, සුවඳ විලවුන් වර්ග ආදියට දිගු කලක් නිරාවරණ වීම සුදුසු නැහැ. විශේෂයෙන්ම කුඩා ළමුන් ඈත් කර මෙවැනි දේවල් භාවිතා කිරීමයි සුදුසු වන්නේ.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles