අවුරුද්දකට අඩු දරුවාට සුදුසු ආහාර වට්ටෝරු කිහිපයක්  

අම්මලගෙ ලොකුම ආසාව ඉහලම රසයෙන් මෙන්ම පෝෂණයෙන් ඉහල කෑම බීම දරුවාට ලබාදීම.ඉතින් අලුත්ම අලුත් මවුවරුන්ට මේ ආහාර වට්ටෝරු උපකාර වනු ඇතැයි අප සිතනවා.

මාස 6 -7

මාස හය දක්වා අනිවාර්‍යයෙන්ම මවු කිරි ලබා දිය යුතු වනවා.මාස පහෙන් පසු පළතුරු යුෂ අවශ්‍යනම් ලබා දෙන්නට හැකියි.

පලතුරු පොඩි කර සාදාගත් පල්පය

මෙය ලබාදිය යුතුවන්නේ උදේ දහයට පමණ ගස්ලබු, දොඩම්, ජම නාරo, තැඹිලි යුෂ හෝ ගස්ලබු, කෙසෙල්, අලි ගැටපේර, බෙලි, මිදි පල්ප තේ හැඳි 3ක් 4ක්

සීරියල් සහ බත් තලපය –

රතු කැකුලු බත් තේ හැඳි 2ක් වතුර.අවුන්ස හය හතකට දමා තම්බා,ඉන් උකු ද්‍රාවනයක් සාදා ගන්න. සති දෙකකට පසු හැන්දෙන් පොඩිකර කවන්න.සීරියල් සහ බත් තලපය හැන්දෙන් දෙන්න.

බෝතලයට දමා උරන්නට දෙන්න එපා.

සුදු මාලු සහ කුකුලු මස් හොඳින් පිස, පොඩිකර, ඒ සමග නිවිති ගොටුකොල වැනි දෑ එකතු කරගන්න.

අල, කැරට්, පරිප්පු , රතු අල, වට්ටක්කා ආහාරයට එකතුකරන්න පුලුවනි. ටිකෙන් ටික බෝoචි, මුංඇට, මෑ සහ වෙනත් එළවලු වර්ග එකතු කරන්න.

මාස 7-9 දක්වා

මාස 8න් පමණ පසු බිත්තර ආහාරයට දෙන්නට හැකියි.
මුලින්ම බිත්තර සුදුමද ටිකකට කහ මදය ටිකක් එකතුකර ලබා දෙන්න.

ටිකෙන් ටික ප්‍රමාණය වැඩි කරන්නට පුලුවනි.

එළවලු සුප් සමග කුකුලු පීකුදු දරුවාට හඳුන්වාදෙන්නට පුලුවන්.

පොඩිකරගත් අර්තාපල්, බටර් සහ කිරි සතියකට තුන් වතාවක් පමණ
ආහාරයට දෙන්නට පුලුවනි.

මාස 9-12

සීරියල්, බිත්තර, පාන්, බටර්, යෝගට්, චීස්, කඩල, බත්, තලප ලෙසම ලබා දෙන්න පුලුවනි.

ක්‍රම ක්‍රමයෙන් කැබලි ගතිය වැඩි කරගත යුතුවෙනවා.
මවු කිරි ලබා දීමත් දිගටම සිදුකල යුතුයි.
සීනි,ලුනු,පහේ වර්ග ආහාරයට එක් නොකල
යුතුයි.

මේ කාලයේදී පොල්කිරි එක්කලාට වරදක් නැහැ. ලුනු එකතු කරනවා නම් යාන්තමින් එක් කල යුතුවෙනවා.

මේ වයස වනවිට දරුවා තනිවම ආහාර ගැනීමට හුරුකල හැකි වයසක්.
අහුලාගෙන කෑමට හැකි ආහාර ලබා දීම ගැන සැලකිලිමත් වීම වැදගත්.

චීස් සමග මැකරෝනි, ස්පැගටි, ඉඳි ආප්ප, අල හොදි සමග නූඩ්ල්ස්,තෝසෙ,ඉට්ලි, අලුතින් හඳුන්වා දෙන්නට හැකියි.

ඒ වගේම දරුවාට අවශ්‍ය පමණට පමණක් ආහාර ලබා දිම වැදගත්.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles