චොකලට් කඩෙන් ගත්තු කාලේ ඉවරයි..

චොකලට් අපි කාගෙත් ප්‍රියතම ආහාරය. සමහර වෙලාවට සුපර් මාකර්ට් එකකට ගියාම අපිට වැඩියෙන්ම සල්ලි වැයවෙන්නේ චොකලට් ගන්න. ඉතින් චොකලට් ගෙදරදීම හදා ගන්න පුලුවන් නම් ඒක බොහොම ස්මාර්ට් වැඩක් නේද?
අවශ්‍ය දේ-
  • කොකෝවා පව්ඩර් මේස හැදි 5ක්
  • කිරි පිටි කෝප්ප 1 1/4ක්
  • බටර් 300g
  • සීනි කෝප්පයට මඳක් අඩුවෙන්
  • වතුර ටිකක්
සාදාගන්නේ මෙහෙමයි.
  • කොකෝවා පව්ඩර් සහ කිරි පිටි  පෙනේරයකින් හලාගන්න.
  • ජලය සහ සීනි භාජනයකට දමා ලිප තබා උණු කරගන්න . නූල් ඇදෙන ගානට හෙවත්  පදමට පැමිණි පසු මිශ්‍රණයට බටර් එක්කරන්න. හොඳින් හැඳි ගා ලිප නිවන්න.
  • ඉන්පසු සීනි මිශ්‍රණයට හලාගෙන පසෙක තැබූ කොකෝවා පව්ඩර් සහ කිරි පිටි මිශ්‍රණයෙන් ටික ටික දා කලවම් කරන්න. මෙය ක්‍රීම් එකක් බවට පත් වෙන තෙක් ටික ටික එක්කර කලවම් කරන්න.
  •  බටර් ස්වල්පයක් ගා ගත් තැටියකට මිශ්‍රණය දමා තුනී කරගන්න. හොඳින් තුනී කර මිනිත්තු දහයක් පමණ තිබෙන්නට හරින්න.
  • ඉන්පසු ශීතකරණයේ දමා විනාඩි පහළොවක් තබන්න.
  • ඉන්පසු එළියට ගෙන කැබලි කපා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles