ආදරයක් බිඳ වැටුණට පස්සේ මේ විදියට වැඩ කරන්න.

ආදරයක් බිඳ වැටුණම ජීවිතේ නැවතුණා තරම් වේදනාවක් ඔබට දැනෙයි .ඒත් උත්සාහ කරොත් ආයේ මුල ඉඳන් ජීවිතේ පටන් ගන්න ඔබට පුලුවන්.

1. අලුත් life plan එකක් හදා ගන්න.

අතීත වැරදීම් තමයි ජීවිතය අපිට දෙන හොඳම පාඩම. මේ පාඩම ඉගෙන ගත්  ගැහැණුන්ව නැවත වට්ටන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ නිසා මේ තමයි ඔබේ ජිවිතේ සැලසුම් කරන්න ඔබට ඇවිත් තියන හොදම අවස්ථාව. ඔබට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් සකස් කරන්න. ඒ දේවල් ලබාගන්න අවශ්‍ය දේවල් කරන්න.

2. අතීතය අමතක කරන්න.

අතීතය තුළ ජීවත් වෙනකොට අපිට බොහෝ හොඳ දේවල් මඟ හැරෙනවා. ඒ නිසා අතීතය අතීතයට පවරා අනාගතය සැලසුම් කරන්න.

3. මග හැරුණ ඉලක්ක නැවත හඹා යන්න. 

පැවති ප්‍රේමය නිසා  ඔබ ලබාගත යුතුව තිබුන බොහෝ දේවල් ඔබට මඟ හැරිලා තියෙන්න පුළුවන්. . ඔබේ අධ්‍යාපන කටයුතු, රැකියාවේ කටයුතු පවුලේ කටයුතු මේ හැම තැනකදීම ඔබට අතපසු වුන හැම දෙයක්ම නැවත ලබාගන්න කාලය වැය කරන්න.

4. ජිවිතයට එන අලුත් දේවල් බාරගන්න 

පරණ දේවල් ගැන හිතමින් අලුත් දේවල් ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබට ලැබෙන සෑම  අවස්ථාවක්ම ලබාගන්න.

5. ඔබේ පවුල, මිතුරන්, නෑදෑයන් සමග සමීප වෙන්න 

ඔබට ඇත්තටම ආදරය කරන අයව පරෙස්සමින් තෝරාගෙන ඔවුන් එක්ක කාලය ගත කරන්න. ඔබ මානසික පීඩනයට ලක් වීම නවතීවි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles