බෙඩ් ටයිම් ස්ටෝරි -17

0
756

අම්මා කෝ..

අද කියන්න යන්නේ  තවත් ලස්සනම ලස්සන කතාවක්. ඔන්න බිත්තර දහයකින් කුකුළු පැටව් නව දෙනෙක් එළියට ආවා ඒත් එක බිත්තරයක කිසිම සද්දයක් නැහැ. ඒ නිසා කිකිළි අම්මා එළියට ආව පැටව් නමදෙනා එක්ක උදෙන්ම ගමනක් පිටත් වුණා .

එයාලා පිටත්වෙලා ටික වෙලාවකින් ඔන්න ඉතින් වෙලා තිබුණු බිත්තරයෙනුත් ලස්සන කුකුළු පැටියෙක් එළියට ආවා “.ඒත් කෝ අම්මා” .එයාට ඉක්මනින්ම ඕන වුණා අම්මව බලාගන්න . “අම්මා අම්මා අම්මා”එයා හයියෙන් කෑ ගැහුවා .ඒත් කවුරුත් නැහැ. ඒ නිසා එයා කූඩුවෙන් එළියට ආවා. කූඩුවෙන් එළියට ආවාම එයා දැක්කා බලුරාළ. කුකුළු පැටියා මෙන්න මෙහෙම හිතුවා. මෙයා වෙන්න ඇති මගේ අම්මා, එහෙම හිතලා එයා අම්ම අම්මා කියාගෙන බලු රාල ළඟට දිව්වා බලු රාල හොඳටම පුදුම වුණා එයා ඉක්මනින්ම කිව්වා මම ඔයාගේ අම්ම නෙවෙයි .මේ බලන්න මට කකුල් හතරක් තියෙනවා. වලිගේකුත් තියෙනවා.ඔයාට තියෙන්නේ කකුල් දෙකයි .මම ඔයාගෙ අම්මා නෙවෙයි .කුකුළ් පැටියා ට හරි දුකයි..

ඉස්සරහට ඇවිදගෙන ගියා.එතකොට එයා දැක්කා ළමයෙක්.කුකුළ් පැටියා දැක්කා එයාට නම් තියෙන්නෙ කකුල්  දෙකක් කියලා.ඒ නිසා එයා ඉක්මනින්ම ළමයා ගාවට දුවගෙන ගියා. අම්මා අම්මා අම්මා එයා කෑ ගහන්න පටන් ගත්තා. ළමයා පුදුම වුණා. එයා මෙන්න මෙහෙම කිව්වා. “චූටි කුකුල් පැටියෝ ,මම ඔයාගෙ අම්මා නෙවෙයි” බලන්න ඒ විතරක් නෙමෙයි ඔයාට පිහාටු තියෙනවා. ඇත්ත තමයි කුකුළු පැටියා හිතුවා. ඔන්න එයා දුකෙන් ආයෙමත් අම්මා හොයාගෙන යන්න පටන් ගත්තා .ටිකකින් එයා  දැක්කා පිහාටු තියන එක්කෙනෙක්ව. “අම්මා අම්මා අම්මා”  එයා කෑ කෑ ගහන්න පටන් ගත්තා ආයෙමත් .” මම ඔයාගෙ අම්මා නෙවෙයි.මම අහසින් ගොඩාක් ගොඩක් උඩ පියාඹන  එක්කෙනෙක්”. කුකුළු පැටියා ආයෙමත් පාරට බැස්සා .

ඔන්න ටිකකින් එයා දැක්කා එයාගේ හැටි තියෙන පුංචි පැටවු ටිකක් එක්ක කවුද යනවා .මෙයා වෙන්න බැරිද මගේ අම්මා .එයා කෑ ගහන් නැතුව හෙමින් හිතන්න පටන් ගත්තා .එතකොටම අම්මා එයාව දැක්කා .අම්මා ඉක්මනින්ම දුවගෙන ඇවිල්ලා  එයාව වැලඳ ගත්තා .කුකුළු පැටියා ට හරිම සතුටුයි ඔන්න අන්තිමේදි අම්මා ව  එයාට හමුවුණා.

-චම්මි-