කුකුල් මස් ව්‍යංජනය

ඉක්මනින්,රසවත් කුකුල් මස් ව්‍යංන්ජනයක් හදාගනිමුද…?

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස් ග‍්‍රෑම් 500 ක්
  • තක්කාලි ග‍්‍රෑම් 50 ක්
  • අඹරාගත් ඉගුරු තේ හැදි 1 ක්
  • රතු ළුණු 10 ක්
  • අමු මිරිස් 2 ක්
  • කරපිංචා කිනිති 2 ක්
  • කුරුදු කැබලි 2 ක්
  • කරාබු නැටි 5ක්
  • කරදමුංගු 5 ක්
  • අමු තුනපහ මේස හැදි 1/2 ක්
  • බැදපු තුනපහ මේස හැදි 1 ක්
  • කහ කුඩු තේ හැදි 1/2 ක්
  • උළු හාල් තේ හැදි 1 ක්
  • මිරිස් කුඩු මේස හැදි 2 ක්
  • ලූණු රස පදමට
  • තෙල් ස්වල්පයක්
  • පොල් කිරි මි.ලී. 500 ක්
  • දෙහි ගෙඩි 1 ක්

පිළියෙල කරන ආකාරය

  1. මුලින්ම කුකුල් මස් කැබලි වලට මිරිස් කුඩු, බැදපු තුනපහ, අමු තුනපහ, කහ කුඩු, ලූණු සහ දෙහි හොදින් මිශ‍්‍ර කරගන්න. මෙය කුකුල් මස් වල හොදින් තවරාගෙන පසෙකින් තබන්න.
  2. දැන් භාජනයකට තෙල් රත්වන්න දමා එයට ළුණු, ඉගුරු. කරපිංචා, අමු මිරිස්, කරදමුංගු,  කරබු නැටි, සුදුළුණු කවලම් කර එයට තක්කාලි සහ උළුහාල්ද දමා රන්වන් පැහැය වන තුරු බැද ගන්න.
  3. දැන් කුකුල් මස් කැබලි මෙයට එකතු කර හොදින් කවලම් කරගන්න.  මෙය පියනකින් වසා විනාඩි 10-15 ක් අතර කාලයක් හොදින් තැම්බෙන තුරු මද ගින්නේ පිසගන්න. මෙයට පොල් කිරි එකතු කර තවත් විනාඩි 10 ක් පමණ පිසගන්න.

Related Articles

Don't Miss


Latest Articles