බෙඩ් ටයිම් ස්ටෝරි – 20

0
725

බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි …..

කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

අන්දරේ ගේ කතා 4

අන්දරේ කරපු තවත් වැඩක් කියන්න තමයි මේ සූදානම් වෙන්නේ ඔන්න අවුරුදු කාලේ ආවා.රජතුමාගේ මඟුල් උයනෙ පලතුරු ගස්වල පලතුරු පිරිල .ඒත් කිසි කෙනෙකුට මේ පළතුරු වලට අතවත් තියන්න තහනම් .රාජ දඬුවම් සැරයි කියලා හැමෝම දන්නවා .ඒ නිසා කොතරම් පළතුරු තිබුණත් කිසිම කෙනෙක් ඒව දිය හා දිහා ඇහැක් ඇරලවත් බැලුවෙ නැහැ.අන්දරේ උදේ හවස රජමාලිගාවට යන්නෙ එන්නෙ මේ පළතුරු උයන මැදින්.පළතුරු පිරුණු ගස් දිහා බලබල අන්දරේ හැමදාම එතනින් යනවා.
දවසක් මෙහෙම උයන මැදින් යන අන්දරේ රතට රතේ ඉදුණු ජම්බු ගහක් දැක්කා.එක ගෙඩියක් හරි කොහොමහරි කඩාගෙන කන්න අන්දරේට හිතුන.ඒකට උපායක් අන්දරේ කල්පනා කරන්න පටන් ගත්තා.අදනම් කොහොම හරි ජම්බු ගෙඩියක් කන්නම ඕන කියලා අන්දරේ හිතුවා.
ටික වෙලාවක් කල්පනා කරමින් හිටපු අන්දරේට හොඳ කල්පනාවක් ආවා.ඉක්මනට ගෙදර දුවලා රෙදි පටියක් අරන් ආවා.ඇස් දෙකයි අත් දෙකයි හිරට බැද ගත්තා.ඊට පස්සේ පහත් වෙලා තිබුණු ජම්බු ගෙඩි ඇති තරම් කෑවා. අන්දරේ බාගෙට කාපු ජම්බු ජම්බු ගහ යට ට වැටුණා .උයන් පල්ලා මේක දැකලා ඉක්මනින්ම එතනට දුවගෙන ආවා.මොකක්ද ඔය කරන වැරදි වැඩේ කියලා අන්දරේගෙන් ඇහුවා. අන්දරේ කිව්වා එයා වැරැද්දක් කළේ නැහැ කියලා.උයන් පල් පල්ලා ඉක්මනින්ම අන්දරේ රජතුමා ළඟට රැගෙන ගියා.රජතුමාට හරි ම කේන්තියි.ඒ නිසා අන්දරේගෙන් නිදහසට කරුණු විමසුවා.
අන්දරේ කිව්වා එයා ජම්බු අතින් අල්ලපු නැති බව.ඒ විතරක් නෙවෙයි ජම්බු දිහා බැලුවෙ නෑ කියලත් කිව්වා.මොකද රජතුමා දැන් දැන්ව්ම් පුවරු සකසල තිබුණේ පලතුරු දිහා බලන්න එපා ,ඒවා ස්පර්ශ කරන්න එපා වගේ දේවල් කියලා තමයි.රජ්ජුරුවන්ට තේරුණා අන්දරේ එයාව රවට්ටපු බව.

-චම්මි-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here