නත්තල් මේසෙට කේක් – වයිට් චොකලට් ලාවා කේක්.

නත්තල් මේසයට විවිධ රස කේක් හදන්න කැමති ඔබට රසම රස වයිට් ලාවා චොකලට් කේක් එකක් හදන හැටි තමයි මේ.මෙය ඔබට අමුත්තන්ට සංග්‍රහ කරන්න අපුරුවට ගැලපෙනවා.

අවශ්‍ය දේවල්:

  • වයිට් චොකලට් (White Chocolate) 115g
  • බටර් (Butter) 115g
  • කුඩු කළ සීනි (Powdered Sugar) 110g
  • බිත්තර (Eggs) 3 (සම්පූර්ණ බිත්තර)
  • බිත්තර කහමද (Yolk) 1 (වෙනමම බිත්තර කහමදයක්)
  • පාන් පිටි මේස හැදි 6 (90g)
  • බේකින් පවුඩර් (Baking Powder) තේ හැදි ½
  • ගා ගත් ලෙමන් පොතු (Grated Lemon Zest) තේ හැදි ½

සාදා ගන්නා ආකාරය:

  • පාන් පිටි සහ බේකින් පවුඩර් කලවම් කර පෙනේරකින් හලා පසෙකින් තියා ගන්න.
  • වයිට් චොකලට් හා බටර් මික්ස් කර ඩබල් බොයිල් (Double Boil) ක්‍රමයට දිය කර ගන්න.
  • එයට කුඩු කරපු සීනි එකතු කර සීනි දිය වෙනතුරු අතින් Whisk කරන්න.
  • බිත්තර 2, බිත්තර කහමදය එකතු කර කලවම් වෙනතුරු හොඳට විස්ක් කරන්න.
  • පාන් පිටි , ගා ගත් ලෙමන් පොතු හොඳින් මිශ්‍ර වෙනතුරු විස්ක් කරන්න.
  • බටර් ගා ගත් පෝසිලින් කේක් කප් (Porcelain Cake Cups – Ramekins) හෝ සිලිකන් කේක් කප් (Silicon Cake Cups) , ඇලුමිනියම් ෆොයිල් කප් (Aluminum Foil Cups) ගෙන කේක් මිශ්‍රණය සමානව දමා ගන්න.
  • 200°C / 400°F උෂ්ණත්වයට රත් කර ගත් අවන් එකේ විනාඩි 12 – 15ක් පමණ බේක් කර කේක් කප් වලින් ගලවන්න

Related Articles

Don't Miss


Latest Articles