මානසික ආතතිය මගහරවාගන්න දීපිකාගෙන් හොඳ විසඳුමක්!

බොලිවුඩ් සුරූපී නිළි දීපිකා පදුකෝන් පසුගිය දිනෙක සිය ජීවිතයේ වැදගත් දෙයක් හෙලිකලා. ඒ තමා පෙළෙමින් සිටි විශාදය තත්වය සමහන් කරගැනීමට භාරතීය සම්භාව්‍ය නර්තන ක්‍රම මඟින් මනා පිටිවහලක් ලැබුණු බවයි. කෝටි ගණන් මුදල් ඉපයුවත් ඇයට සතුට ලඟා කර දී ඇත්තේ නර්තනයයි.

බෙංගාලි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ කල අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ මනිපුරි,කතක් ,භරත,නැටුම් වල යෙදීමෙන් ශාරීරික හා මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලැබෙන බවයි.ඇත්තටම ආතතිය මඟ හරවා ගැනීමට මේ නැටුම් අභ්‍යාස ඉවහල් වනවා.

ඒ වගේම කල්කටා විශ්ව විද්‍යාලයේ කල අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ විශාදය,කාංසාව,කෝපය,ආතතිය සමනයට ඉන්දියානු නර්තනය යොදා ගත හැකි බව.ඒ වගේම හර්දයාභාධ පාලනයටද මේ නර්තානයන් යොදා ගත හැකි බව ඔවුන් සොයාගෙන තිබෙනවා. ඔවුන් මේ පරීක්ෂණය සිදු කලේ දුෂණ වලට මුහුණ පෑමට සිදුවූ කාන්තාවන් පිරිසක් උපයෝගී කරගෙන.ඔවුන් ඉතා ප්‍රභල ලෙස මානසික රෝග වලට ගොදුරු වී සිටියා.මේ අයට මාස හයක කාලයක් භරත සහ කතක් යන නර්තන ක්‍රම හදාරන්නට ඉඩ ලබාදුන්නා.ඒ මාස හයක කාලය තුළ ඔවුනගේ විෂාදය මට්ටම ඉතාමත් පහල මට්ටමකට පැමිණියා.මේ සමාන අත්දැකීම් ලබා සිටි වෙනත් කාන්තා පිරිසකට උපදේශනය සමඟ ක්‍රීඩා අභ්‍යාස ප්‍රගුණ කිරීමට අවස්ථාව ලබා දුන්නා.නමුත් නර්තනය හැදෑරු

කාන්තාවන් ඉතා ඉක්මනින් සුවපත් වූ අයුරු දක්නට ලැබුණා. ඈත අතීතයේදී ද විවිධාකාර රෝගාබාධයන්ට ප්‍රතිකාර සඳහා නර්තනය යොදා ගත් අවස්ථා ඉන්දියාවෙන් වාර්තා වනවා.

මේ සොයා ගැනීම වගේම දීපිකා පදුකෝන්ගේ ප්‍රකාශයත් බොහෝ පිරිසකගේ ඇස් ඇරවීමට සමත් වී තිබෙනවා. මොනවා වුනත් අපේ සාම්ප්‍රදායික සමාජයේ නැටුම ගැන තවමත් තියෙන්නේ භීතිකාවක්. ඉතින් ආයෙත් මොනවද ?දැන්ම නටන්න පටන්ගමු නේද ?

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles