නත්තලට ක්‍රිස්මස් කුකීස් හදමු..

නත්තල් මේසෙට නත්තලටම අනන්‍ය වූ ආහාර වර්ග තියෙනවා. ඒ කෑම වර්ගත් එකතු වුණාම නත්තල් කෑම මේසයට ලැබෙන්නේ අපූරු හැඩයක්.

අපි හදලා බලමු ක්‍රිස්මස් කුකීස්..

අවශ්‍ය දේවල්:

  • පිටි කෝප්ප 1 1/2 (එක හමාරක්)
  • සීනි කෝප්ප 1/2
  • බිත්තර 01
  • වැනිලා එසන්ස් තේ හැඳි 01
  • බටර් ග්‍රෑම් 225ක්

සාදාගන්නා ආකාරය:

මුලින්ම සියලුම දේවල් බීටර් එකකින් ගසා ගන්න

මේ මිශ්‍රණයෙන් පොඩි බෝල 24ක් – 25ක් හදාගන්න.

හදාගත් බෝල  තුනී කර තරු හැඩයේ කටර් එකෙන් කපාගන්න.

මේ බිස්කට්  සැකැස්මයි.

ඒවා බේකින් ට්‍රේ එකකට දමා සෙල්සියස් අංශක 100ක් උශ්නත්වයෙන් විනාඩි 2ක්- 2 1/2ක් බේක් කරගන්න.

රසවත් ක්‍රිස්මස් කුකීස් හදන්න හරිම පහසුයි නේද? හදපු ක්‍රිස්මස් කුකීස් අපේ ෆේස්බුක් ගෘප් එකටත් අරන් එන්න.

Related Articles

Don't Miss


Latest Articles