නත්තල් ගහට කැවිලි සහ සැරසිලි පොඩිත්තෝ එක්කම හදමු.

නත්තලට උදව් වෙන්න පොඩිත්තන් හරිම ආසයි. බොහොම පහසු ආහාර හදන්න වගේම සැරසිලි කරන්නත් එයාලාව සම්බන්ධ කරගන්න.

නත්තල් වෙනුවෙන්ම ගෙදරදීම සාදාගන්න ට හැකි රසම රස ඒ වගේම වෙනස් චොකලට් මිශ්‍රිත ආහාර තමයි මේ. මේ දේවල් හදන්න පොඩිත්තන් හවුල් කර ගන්න පුලුවන්. මේවා නත්තල් ගහේ එල්ලුවාම බබාලට ගොඩක් සතුටු හිතෙයි.

1.පතුල නොඇලෙන ට්‍රේ එකකට දිය කරගත් සුදු සහ දුඹුරු චොක්ලට් වෙන ම පැතලි ලෙස වත් කරන්න .සීනි බෝල හෝ ඩෙකරේශන්ස් වලින් ඇස් කන් නාසා සහිත බිස්කට් සකසන්න.දැන් සිසිල් වීමට තබන්න .කැබලි වලට කපා පිළිගන්වන්න.ඇස් කන් කටවල් වලින් දුටු ලස්සන චොක්ලට් ස්ලයිසස් ටිකක් ඔබට ලැබේවි.

2. වයිට් චොකලට් , මෙල්ටඩ් බටර්, ටින්කිරි දමා එකට මිශ්‍ර කරන්න.ගුලි සාදා ගාගත් පොල් වල දවටන්න. ශීත කර ආහාරයට ගන්න.

3.වර්ණ කිහිපයක චොකලට් දියර අරගන්න. ගෙදර සෑදූ හෝ කඩෙන් මිලදී ගත් ක්‍රීම් නොමැති බිස්කට් තෝරා ගන්න. දැන් චොක්ලට් දියරෙන් බිස්කට් එකේ භාගයක් පමණ පොඟවන්න.එය ඝන වෙන්නට ශීතකරණයේ තබන්න. අමුතු ලස්සන ඒ වගේම රසවත් බිස්කට් එකක් ලැබේවි.

4.දියකර ගත් චොක්ලට් , කැරමල්, පීනට් බටර් එකට කලවම් කරන්න. සීතල වීමට දෙන්න. ඉන් විවිධ රූප සාදා ඇස් කට නාසා පුංචි සීනි බෝල වලින් තබා ගන්න .

5. මිලදී ගත් චොක්ලට් වල ආවරණය ඉවත් කරන්න. වෙනත් වර්ණයකින් මෙල්ටඩ් චොක්ලට් රැගෙන රටාවක් දමන්න. ශීතකරණයේ තබා සිසිල් වූ පසු වෙනත් විසිතුරු කොළ වලින් කොළ වලින් ආවරණය කරන්න.නත්තල් ගහේ එල්ලන්නට වගේම තෑගි දෙන්නත් කදිම තෑග්ගක් වෙයි .

5. බිස්කට් එකක් මත මාස්මිලෝස් එකක් තබන්න. එය මතට දියකරගත් චොක්ලට් කැමැති වර්ණයකින් අතුරන්න. සීනි බෝල වලින් සරසා ගන්න .

6. මෙල්ටඩ් චොක්ලට් ගෙන නත්තල් ගසක අච්චුවට නත්තල් ගහේ හැඩයට වත් කරන්න. විසිතුරු කොළවල දවටන්න.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles