තරු හැඩයට අවුරුදු සැරසිල්ලක් සහ දිරි ගන්වන්නක්..

නත්තල් නම් ඉවරයි.ඉතින් අවුරුදු පිළිගන්න පොඩිත්තන්ව සමග ඔබත් ලෑස්තිවෙමින් ඇති.නව ආරම්භයක් නිසා නව උද්‍යෝගයක් නිවසේ ඇති කිරීමටත් මේ පුංචි උත්සාහයෙන් ඔබට පුලුවන් වේවි.ඒ වගේම තවත් වැදගත් දෙයක් කරන්න ත් පුලුවන්.මේ සැරසිල්ලේ පුංචි ලොකට් එකකට ඔබේ සහ දරුවන්ගේ නව වසරේ සැලසුම් ඇතුලත් සටහනක් ඔවුන්ගේ අත් අකුරින්ම ලියා එකතු කරන්න.දින කිහිපයකින් සැරසිල්ල ඉවත් කල පසු එය නිවසේ වෙනත් ස්ථානය ක එල්ලා තබන්න.වසරේ විටින් විට එය ඉවතට ගෙන බලා දියුනුව සටහන් කර එහිම තබන්න ට දරුවන්ට කියාදෙන්න.

මේ සැරසිල්ල  නිවසේ ප්‍රධාන දොරටුවට හෝ හෝ බිත්තියකට ඉතාමත් ගැලපෙනවා .වැඩි වියදමක් නැතිව අහල පහලින්  හොයාගන්න පුලුවන් ස්වභාවික දේවල් ටිකක් හොයාගන්න.ඒ වගේම දරුවන්ගේ අත්කම් නිර්මාණත් මේ වෙනුවෙන් යොදාගන්න ට පුලුවනි.

අවශ්‍ය දේවල්.

උණ බට හෝ කුරුඳු හෝ ඇල්බීසියා වැනි ලී වර්ගයක්
බැඳීමට අවශ්‍ය ලණු
වියලි මල් සහ කොල කිහිපයක්  වැනි සැරසිලි ද්‍රව්‍ය

සාදා ගන්නා ආකාරය.
ලී  දඬු  සකස් කර  ගෙන  ත්‍රිකෝණ ආකාරයේ කොටස් දෙකක් හෝ තුනක් සාදා ගන්න .එය එක්කර තරුවක් සාදා ගන්න.අවශ්‍ය නම් වර්ණ කොළ වලින් මේ ලී දඬු ආවරණය කර ගන්නත් පුළුවන් .නැත් නම් වානිශ් හෝ කිසියම් වර්ණ ආලේපයක් ආලේප කරන්නත් පුළුවන් .ඔබ සතුව ඇති වියලි මල් සහ කොළ යොදා ගෙන ඉන්පසු මෙම තරු සරසා ගන්න .එකකට වැඩිය හදන්නත් පුළුවන් .

වියළි වැල් සහ වියළි මල්  කොළ ගෙඩි වලින් කළ සැරසිල්ලක්

  • වියළි වැල් පොටවල් කිහිපයක්
  • විවිධ ප්‍රමාණයේ වියලි මල් කොල ගෙඩි ආදී සැරසිලි ද්‍රව්‍ය
  • රිබන් එකක්
  • කෝටු හෝ හෝ කිතුල් රැහැන් කිහිපයක්

මුලින්ම වියලි වැල් කිහිපයක් එකතු කර රවුම සකස් කරගන්න රවුමෙන් මැදට වෙන්න පැත්තට වෙන්න විශාල ලෙස රිබන් එක ගැට ගසා ගන්න එහි දෙපසට විහිදෙන ලෙසට pine cone වියළී කෙටි මලි ගෙඩි මල් කොළ ආදියෙන් සරසා ගන්න අවශ්‍ය නම් නෙළුම් මල් හෝ නෙළුම් පොහොට්ටු හෝ වෙනත් ස්වභාවික මල් වර්ගයක් මේ සඳහා එකතු කරගන්නට පුළුවන් .

 

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles