ඔබේ කිරිකැටියාට අවශ්‍ය තරම් නින්දක් ලැබෙනවාද?

ඔබට ඕනා මේ ලෝකේ ඉන්න හොඳම ආදරණියම අම්මා වෙන්න නේද ඉතින් ඒ වගේ අම්මා කෙනෙක්ගේ හිතට වදදෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා.

ඉතින් ඔබ අලුත් අම්මා කෙනෙක්නම් හෝ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මෙන්න මේ ප්‍රශ්නය ඔබේ හිතට ටිකක් වද දෙනවා ඇති.බබාට ඇතිවෙන්න නින්ද ලැබෙනවද කියන ප්‍රශ්නය. කළබල වෙන්න දෙයක් නැහැඅපි මේ වගුව කියවල බලමු.

වයස අවැසි සාමාන්‍ය නින්ද [පැය] දිවාකාලය රාත්‍රී කාලය
පළමු මාසය 14-15 6-7 8
තෙවන මාසය 14 -15 4 -5 10
හයවන මාසය 14.2 3.4 11
නමවන මාසය 13.9 2.8 11.2
දොළොස්වන මාසය 13.9 2.4 11.7
දහඅටවන මාසය 13.6 2 11.6
විසිහතරවන මාසය 13.2 1.8 11.5
කියවන්න :  පුංචි අයට නිතර හැදෙන බඩේ ලෙඩවලට හොඳම බෙහෙත්

 

කියවන්න :  නව වසරේ පාසල් යන පොඩ්ඩන්ගේ අම්මලාට .

පේනවා නේද කිරිකැටියාට මවුකිරි තරමටම නින්දත් අවශ්‍යමයි.දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ නේද ?හොඳට බඩපුරවලා,මිහිරි නැළවිලි ගීයක් ගැයුවොත් එයා ඇති තරමට නිදා ගනියි.

– චම්මි –

Previous articleදරුවන් සමඟ සෙල්ලම් කරන මරුවා ගැන ඔබ දැනුවත්ද?
Next articleඔබට ගැලපෙන Eyeliner තෝරා ගන්නේ කොහොමද?
චම්මි ඉරේෂා කරපුටුගල
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ ජන සන්නිවේදනය පාඨමාලාව සමග ජාතික තරුණසේවා සභාවෙන් නිර්මාණාත්මක සංනිවේදනය ඇතුලුව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ වීඩියෝතාක්ෂණය හදාරා ඇත. රන්දිව ජාතික පුවත් පතේ විශේෂාංග ලේඛිකාවක ලෙසද,ශ්‍රී ලංකා සුමිත්‍රයෝ මෙල් මැදුර ආයතනයේ ප්‍රජා සංවර්ධන නිලධාරිනියක ලෙසද ,පිටපත් රචිකාවක ,වෙලද දැන්වීම් පිටපත් රචිකාවක ලෙසද අත්දැකීම් රාශියක් ලබාගෙන ඇත.ළමා පොත් 12කට ආසන්න ප්‍රමාණය ක් රචනා කර ඇති අතර ඉන් බොහොමයක් අන්තර්ජාතික සංවිධානය ක් වන රූම් ටු රීඩ් ආයතනය සමග සිදුකර ඇත.විනෝදාංශය ක් ලෙස කෙටි චිත්‍රපටකරණයේ නියැලෙනීය.