අඩු වියදමකින් නිවසක සිහිනය ඉටු කරගන්නේ මෙහෙමයි..

නිවසක්  කියන්නේ අප කාගේත් සුන්දර බලාපොරොත්තුව ක්.ඉතින් නව වසරේ හා හා පුරා කියලා අලුත් ගෙදරකට සිහින දකින ,ඒ සිහින යථාර්තයක් කර ගැනීමට මහන්සි වෙන ඔබට මේ ලිපිය අනිවාර්යෙන්ම වැදගත් වේවි .

නව තාක්ෂණය.

ඉදිකිරීම් තාක්ෂණය නවීන අංගෝපාංග වලින් දැන් දියුණු වී තිබෙනවා .ඒ නිසා විශේෂයෙන්ම ඔබේ ම ඔබේ නිවස ඉදිකිරීමේදී තාක්ෂණික දැනුමෙන් පොහොසත් ,ශිල්පීය දැනුමෙන් ඉහළ මග පෙන්වීමක් යටතේ අනිවාර්යයෙන්ම නිවසේ වියදම් අඩු කරගන්නට පුළුවන් .

අත්තිවාරම.

ලෝකයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී  ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක අත්තිවාරම් යොදා ගන්නවා. එ නම් ගැඹුරු අත්තිවාරම සහ නොගැඹුරු අත්තිවාරම ලෙස.මේ නොගැඹුරු අත්තිවාරම් ක්‍රමය යොදා ගෙන යොදා ගෙන නර්ඩ් ආයතනය මඟින් ඉදි කිරීම් සිදු කරනවා . ඔබට එම ආයතනය සම්බන්ධ කරගෙන එම විස්තර දැන ගන්නට පුළුවන් . එය වියදම් පිරිමසනවා.

කොන්ක්‍රීට් කණු භාවිතය.

අඩු වියදම් තාක්ෂණය යටතේ නිපදවන කොන්ක්‍රීට් කණු ගොඩනැගිල්ලක් සඳහා එකවර සියල්ලම හෝ හෝ සැලකිය යුතු ප්‍රමාණයක් සිටිය හැකි වීම නිසා කොන්ක්‍රීට් දැමීම අතරින් ගැසීම ආදිය සඳහා යන කම්කරු ශ්‍රමය ඉතිරි කර ගන්න පුළුවන් . ඔබේ ගෘහ නිර්මාණ ශිල්පියා සමඟ වගේ ම නිවස ඉදි කරන ඉංජිනේරු ශිල්පියා සමග මේ ගැන සාකච්ඡා කරන්න .

බිත්ති ඉදි කිරීම.

සාමාන්‍ය ගඩොල් බ්ලොක් ගල් භාවිතයට අමතරව සිමෙන්ති කළු ගල් කුණු සහ කොහු කෙඳි සහිත මිශ්‍රණයක් යොදා ගනිමින් සිදුකරනු ලබන ස්ලිප් ෆෝම් තාක්ෂණය සහ සිමෙන්ති පස් මිශ්‍ර කර අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදා යන්ත්‍ර යන්ත්‍රානුසාරයෙන් හෝ අත් යන්ත්‍ර භාවිතයෙන් නිපදවා ගන්නා බ්ලොක් ගල් ද යොදා බිත්ති ගොඩනැගීමේ මෙම තාක්ෂණය අඩු වියදම් සහිත පරිසර හිතකාමී ක්‍රමයක් .

කොන්ක්‍රීට් දොර, ජනෙල් රාමු.

මෙයත් වියදම් අඩු කර ගැනීමේ තවත් ක්‍රමයක් . නර්ඩ් ආයතනයෙන් මේ පිළිබඳව වැඩි විස්තර ඔබට දැන ගන්නට පුළුවන්.

ඉතින් ,නිවසේ සැලැස්ම අඳින මොහොතේ සිට ම හොඳින් අධ්‍යයනය කිරීමෙන් , අවශ්‍ය තාක්ෂණික උපදෙස් නිසි පරිදි ලබා ගැනීමෙන් ඔබේ සිහිනය ඉක්මනින්ම සැබෑ වෙයි .

 

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles