ඔබත් ආසා බෝල බබෙකුට ද?

ඔබත් ආස බෝල බබෙක්ට ද ?

බොහෝ අය දරුවන්ට අධිකව ආහාර ලබා දී ඔවුන්ව මහත් කරන්න ගන්නේ පුදුම උත්සාහයක්. අම්මලගෙ තියෙන ප්‍රධානම චෝදනාව තමා අනේ මෙයා කන්නේ නැහැනේ කියන එක. බොහෝ මව්වරුන්ට ඕන බෝල බබෙක් .නමුත් දරුවන්ටත් උසට සරිලන නිසි බර ඉතාමත් වැදගත් .

කුඩා කාලයේ තරබාරුව වැඩිහිටි වියේදී විවිධ රෝග රැසක් උරුම කරවීමට සමත් .අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් දියවැඩියාව මේ අතර ප්‍රමුඛ වනවා එසේම මානසික ආතතිය නිතරම කනස්සලු ස්වභාවයෙන් සිටීම තම පෞරුෂත්වය කෙරෙහි ඇති වෙන හීනමානය වැනි තත්ත්ව ද මේ අතර ප්‍රමුඛ විය හැකියි

බොහෝ දරුවන් තරබාරු  වීමට  විවිධ හේතු බලපානවා .කුඩා අවධියේ පටන් ක්‍රියාශීලී නොවීම, ආරය, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය නො කිරීම, අනවශ්‍ය පමණට දරුවාට ආහාර ලබා දීම වැනි හේතු සාධක රැසක් හේතු වෙන්නට පුළුවන්.

ඇතැම් ශාරීරික රෝග තත්ත්වයන්ට තත්ත්වයන්ට තරබාරු ව කෙරෙහි බලපානවා .

තරබාරු බව හඳුනා ගන්නේ උසට සරිලන නිසි බර මනිනා ස්කන්ධ දර්ශකය උපයෝගී කරගෙනයි .කුඩා දරුවන්ට නම් මාසික ව බර සටහන් කරන පොත ආශ්‍රයෙන් ඔබට පහසුවෙන්ම එය සොයා ගන්නට පුළුවන් .

තරබාරු දරුවෙකු එයින් මුදවා ගැනීමට  අනුගමනය නිසි ක්‍රියාකාරකම් අනුගමනය කිරීමෙන් දරුවා ඉන් මුදවා ගැනීමට හැකියාව තිබෙනවා.

දරුවාගේ මානසික මට්ටම තේරුම් ගැනීම,ආහාර පාලනය , සෞඛ්‍යමත් ආහාර රටාවක් අනුගමනය කිරීම, ක්‍රියාශීලි ජීවන රටාවකට හුරු කරවීම,දින පතා බයිසිකල් පැදීම , පිහිනීම , ඇවිදීම වැනි ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීම, විදුලි සෝපානය වෙනුවට නිතරම පඩිපෙළ භාවිතයේ හුරු කිරීම ආදිය කරන්නට පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles